නැව­තුම් නැති ජීවිතේ | සිළුමිණ

නැව­තුම් නැති ජීවිතේ

•කෘතිය - නැව­තුම් නැති ජීවිතේ 
•පරි­ව­ර්ත­නය - සමන් අතා­වු­ද­හෙට්ටි 
•පිටු - 303 
•මිල - රුපි­යල් 1000/= 
•ඇම්. ඩී. ගුණ­සේන ප්‍රකා­ශ­න­යකි. 
•විම­සීම් - 077 7704740


දෑත් දෙපා අහි­මිව මෙලො­වට උපන් ‘නික් වුයෙච්චි‘ විසින් ලියන ලද තමන්ගේ ජීවන අත්දැ­කීම් එක්කර ලියැ­වුණ Unstoppabel නම් කෘතිය “නැව­තුම් නැති ජීවිතේ“ නමින් ප්‍රවීණ ලේඛක සමන් ආතා­වු­ද­හෙට්ටි විසින් සිංහ­ලට පරි­ව­ර්ත­නය කර ඇත.
ධර්ම ප්‍රචා­ර­ක­යෙක් එහෙ­මත් නැත්නම් දිරි­යට දිවි දෙන දේශ­ක­යෙක් වශ­යෙන් ලොව පුරා සංචා­රය කරන නික් ගේ ජීවිත කතාව මෙන්ම ඔහු ජීවි­තය ජගත් අයුරු මේ කෘතියේ සද­හන් වේ. එය වඩාත් වටින්නේ ඔහු ගැන, ඔහු ලැබූ ජීවන අත්දැ­කිම් ආදි සියල්ල වෙනත් කෙනෙ­කුගේ ඇසින් නොව නික් තම­න්ගේම අත්දැ­කීම් මතින් පාඨ­ක­යාට කිය­ව­න්නට ඉඩ සැලැ­ස්වී­මය.

නික් තමන් ගැන ලියු පළමු පොත වන්නේ (Life Without Limits) සීමා නැති ජීවිතේ ය. ශාරි­රික අප­හ­සුතා දුබ­ලතා නිසා ජීවි­තය අත­හ­රි­න්නට පම­ණක් නොව යම් විටෙක ජීවි­තය අවශ්‍ය නැතියි කියා සිතෙන්න වුන්ට මේ පොත කිය­වී­මෙන් තමන් ගැනම යම් නිග­ම­න­ය­කට ඒමට ජිවි­තයේ ඉලක්ක සපුරා ගැනී­මට නැවැ­තුම් නැති ජීවිතේ යම් මඟ පෙන්වී­මක් වැනිය.


දුර්ගා


•කෘතිය - දුර්ගා
•කර්තෘ - සමීර ඒක­නා­යක
•පිටු - 400 •මිල - රුපි­යල් 700/=
•කර්තෘ ප්‍රකා­ශ­න­යකි.
•දුර්ගා, සමීර එක­නා­ය­කගේ පළමු නව­ක­තා­වයි.
•විම­සීම් - 077 9829330

යොවුන් වියේ කරන දග­කා­ර­කම් සමඟ ජීවි­තය වැර­දෙ­න්නට මහ වෙලා­වක් ගත­වන්නේ නැත. අද සමා­ජයේ වැඩි­හි­ටි­යන්ට වුවද තරුණ තරු­ණි­යන් සම්බ­න්ධ­යෙන් ඇත්තේ වෙනස්ම දැක්මකි. මේ කාර්යය බහුල සමා­ජය තුළ හිදි­මින් දිවි­ගෙ­වන තරුණ ජීවිත හා බැඳුණ මාන­විය සබ­ඳතා සමඟ ඔවුන් දිවි­ගෙ­වන අයුරු දුර්ගා කෘතියේ දී කතු­ව­රයා කිය­න්නට උත්සාහ දරයි.

විශේ­ෂ­යෙන්ම විරැ­කි­යාව මතින් බැට­කන ගම්බද තරුණ තරු­නි­යන් රැකියා අව­ස්ථා­වන් සොයා නග­ර­යට පැමි­ණි­මත් , නග­රය සමඟ ගැටෙන ආකා­ර­යත්, දේශ­පා­ලන බල­පැම් හමුවේ තරුණ සමා­ජය කට­යුතු කරන ආකා­ර­යත් මේ කෘති­යෙන් කතා­බ­හට ලක්කර ඇත. එමෙන්ම 1850 ගණන් දක්වා දිවෙන බ්‍රිතාන්‍ය පාලන සම­යත් ඒ වට පිටාවේ සිට අද දක්වාත් කතා කර­න්නට කතු­ව­රයා උත්සාහ දරා ඇත. කුතු­හ­ලය ත්‍රාසය මෙන්ම ප්‍රේමය ද මෙහි අඩු­වැඩි වශ­යෙන් අන්තර් ගතවී තිබේ. 


තනි මිනිසා

•කෘතිය - තනි මිනිසා
•කර්තෘ - තුෂාරි අබේ­සේ­කර
•පිටු - 422 •මිල - රුපි­යල් 700/=
•ඇම්. ඩී. ගුණ­සේන ප්‍රකා­ශ­න­යකි.
•විම­සීම් - 077 8353215

තනි මිනිසා තුෂාරි අබේ­සේ­ක­රගේ දහ­තුන් වන නව­ක­තා­වයි. නව­කතා රචි­කා­වක් වන තුෂාරි ඊට අම­ත­රව ටෙලි නාට්‍ය තිර රචනා රැසක් ද කර ඇත. කන්‍යා­රා­ම­යක සිටින කන්‍යා සොයු­රින් වටා ගෙතී ඇති මේ කතා­වෙන් ඇය අපට කිය­න්නට උත්සාහ දරන්නේ ජීව­තය ගැනයි. තනි මිනිසා කෘතියේ ලේඛි­කාව සිය කෘතියේ මෙසේ සඳ­හන් කර ඇත. “එය කියැ­වීම ඔබට බාරය. ඉව­සීම සහ සංය­මය ඇත්තේ නම් ඔබ බොහෝ සෙමෙන් ස්පර්ශ කරන්නා වු කුඩා බිලි­ඳෙ­කුගේ හිස විලස මේ පොත් පිටුද පෙරළා­ගෙන ඉදි­රි­යට යනු ඇත.

තවත් වරෙක බිලිඳා ඇකයේ හොවා ගන්නා විලස මේ පොත ද උණු­හු­මෙන් ළයට තුරුලු කර­ගනු ඇත.....“ අදි වශ­යෙන් පෙර­ව­දනේ සඳ­හන් කරන ලේඛි­කාව පාඨ­ක­යන්ට රස­වි­දී­මට බොහෝ මානව දයා­වෙන් පිරි කතා­වක් ගෙන එනු ලබයි.


දුව­කගේ කඳුළු


•කෘතිය - දුව­කගේ කඳුළු
•කර්තෘ -රුචිරා සුරංගී ද අල්විස්
•පිටු - 151 මිල - රුපි­යල් 450
•ඇම්. ඩී. ගුණ­සේන ප්‍රකා­ශ­න­යකි.
•විම­සීම් - 076 2110036

ඇය සුරං­ගීද අල්විස් නම් වේ. මාධ්‍ය ලෝකයේ නමක් දිනු හැම නෙත­ක­ටම කඳු­ළක් නැංවූ අකා­ලයේ ජීවි­යෙන් සමු­ග­න්නට සිදු වූ ප්‍රේම­කීර්ති ද අල්විස් නම් ප්‍රවීණ ගුවන් විදුලි සන්නි­වේ­ද­ක­යාගේ, ගී පද­ර­ච­ක­යාගේ හා ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිනි දයා ද අල්විස් යුව­ළගේ දිය­ණි­යයි. පාසල් වියේ­දීම පියා­ගෙන් වෙන්ව­න්නට සිදුවූ, මව සහ ඇගේ පවුලේ අය සමඟ තනිව ජීවත් වන්නට සිදු වූ එහෙත් පියාගේ හදිසි අභා­වය සිදු­වන තුරු පියාගේ ඇසුර ලබ­න්නට හැකී වූ සුරංගී ඉතාම බාල වියේදී ජීවි­ත­යේදී ලද සුන්දර, කටුක, දුක්බර මත­ක­යන් එක්කර ලියූ දුව­කගේ කඳුළු හැම නෙත­ක­ටම කඳු­ළක් ගෙනෙනු ඇත.

සිය පියා වු ප්‍රේම­කිර්ති සුරං­ගීට දුක හිතුණා කියා ලියන විට සුරංගි කුඩා දැරි­යකි. ඔහු එසේ ලියූවේ සුරං­ගිගේ කනේ තෝඩු දැමු දාය.

කිසිදු දිනෙක අම­තක කළ නොහැකි තරම් මත­ක­යන් ගොන්නක් සුරං­ගීට සිය පියා ගැන ඇත. ඉතා සුගම භාෂා­ව­කින් ලියා ඇති දුව­කගේ කඳුළු කෘතිය ගැන ප්‍රවීණ මාධ්‍ය­වේදී සමන් ආතා­වු­ද­හෙට්ටි ලියු සට­හ­නකි මේ.

සුරං­ගිට දුක හිතුණා
අකුරු පේළි­යක්
පත් ඉරු මතට කඩා වැටුණා
අකුරු පේළි මත ඇහැ යවනා
අප­ටත් ඒ දුක දැනුණා
ජීවි­තය නම් මේ යැයි සිතුණා..
දුව­කගෙ කඳුළු කෘතියේ නව වන මුද්‍ර­ණය දැන් පිටව තිබේ.


මහේ­සා­ක්කිය


•කෘතිය - මහේ­ සා­ක්කිය
•කර්තෘ - ශාන්ත බන්නක
•පිටු - 256
•මිල - රුපි­යල් 700/=
•විම­සීම් - 071 4907809

ශාන්ත බන්ත­කගේ දෙවන නව­ක­තාව මහේ­සා­ක්කිය යි. ඔහුගේ පළමු නව­ක­තාව වන්නේ ‘හඳ තාමත් එදා වගෙයි‘ කතා­වයි. මෙය 2013 වසරේ නිකුත් විය. ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහ ය වන්නේ රාම­යියා කෘති­යයි. ඒ 2009 වස­රේ­දීය.
මහේ­සා­ක්කිය කෘතිය සඳහා ශාන්ත බන්තක කතු­ව­රයා තේමා කර­ගන්නේ දුටු­ගැ­මුණු යුග පර­ම්ප­රා­වයි. යුද්ධ­යේදී රුහුණු පුරයේ බල සේනාව වෙනු­වෙන් මහා මෙහෙ­ව­රක් කළ දස මහා යෝධ­ය­න්ගෙන් කෙනෙකි දඨා­සේන යෝධයා. දස­මහා යෝධ­යන් ගෙන් කිහිප දෙනෙ­කු­ටම ගුරු­ව­රයා වූ දඨා­සේන යෝධයා මුල් කර ගෙන එම කාල වක­වා­නුවේ සමාජ, ආර්ථික රාමුව ඔස්සේ ලේඛ­කයා මගේ­සා­ක්කිය කතාව ගොඩ­නගා තිබේ.


මං අත­රමං


•කෘතිය - මං අත­රමං
•කර්තෘ - සහ­සලා හුණු­කු­ඹුර
•පිටු - 271 •මිල - රුපි­යල් 475/=
•සර­සවි ප්‍රකා­ශ­න­යකි
•විම­සීම් - 077 3459608

සහ­සලා හුණු­කු­ඹුර ලේඛි­කා­වගේ පළමු නව­ක­තාව මං අත­රමං පසු­ගි­යදා නිකුත් විය. පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබු ඇය විශ්ව­වි­ද්‍යා­ලය තුළ දී ලැබු අත්දැ­කීම් ද මේ කෘති­යට ඇතු­ළත් කර ඇතැයි සිතෙන්නේ ඇය මං අත­රමං කෘති­යට ඇතු­ළක් කර ඇති කතාව, චරිත, සංසි­ද්ධිය ආදිය නිසාය.

විශ්ව විද්‍යාල පරි­ස­ර­යත් සමඟ ගැටෙන, ඉගෙන ගැනී­මට වෙහෙ­සෙන, අලුත් පරි­ස­ර­ය­කදී හමු වන පුද්ග­ල­යන් සමඟ ගැටෙ­න්නට, ජීවත් වන්නට, මෙන්ම ජීවි­තය ගොඩ­නඟා ගන්නට වෙහෙ­සෙන, ආද­රය හඳුනා ගන්නට උත්සාහ දරන තරු­ණිය ක හා බැදුණු කතා­වකි මං අත­රමං.

මේ කතාව එක පෙළට කිය­වා­ගෙන යා හැකි අන්ද­මින් චරිත සිද්ධි එකි­නෙ­කට සම්බන්ධ වන ආකා­ර­යෙන් ගොඩ­නැගි තිබිම පොතේ විශේ­ෂ­ත්ව­යකි. එනම් ලේඛි­කා­වගේ පළමු නව­ක­තාව මෙය වුවත් ඇයට තවත් බොහෝ දුර යා හැකි බව මං අත­රමං නව­ක­තාව කිය­වී­මේදී වැටහේ.


මල් කුමා­රයා සහ සම­න්මලී


•කෘතිය - මල් කුමා­රයා සහ සම­න්මලී
•කර්තෘ - සත්‍ය­පාල ගල්කැ­ටිය
•පිටු - 74 •මිල - රුපි­යල් 250/=
•කර්තෘ ප්‍රකා­ශ­න­යකි.
•විම­සීම් - 076 2910890

සත්‍ය­පාල ගල්කැ­ටි­යගේ හය­වන කෙටි කතා සංග්‍ර­හය පසු­ගි­යදා නිකුත් විය . එය නම් මල් කුමා­රයා සහ සම­න්ම­ලීය. ඔහුගේ පළමු කෙටි කතා සංග්‍ර­හය වන්නේ අස­ම්ම­තක ගීතය යි.
විවිධ මාතෘකා ඔස්සේ දිග­හැ­රෙන මෙම කතා වර්ත­මන සමා­ජය ගැන මෙන්ම මේ සමා­ජයේ ජීවත් වන මිනි­සුන් පිළි­බඳ දිග­හැ­රෙන කතා ඇත. බත් දන්සල, ලේඛ­ක­යාගේ මර­ණය, කන්‍යා දුෂ­කයෝ, දොරට වැඩුම, ඇවි­ඳින මංතීරු, අවු­රුදු දා හා මල් කුමා­රයා සහ සම­න්මලි යන හිසින් යුතුව කතා නම් කර තිබේ.

පවුල් තුළ ඇති පුද්ගල බැඳිම මෙන්ම සමිජ සම්බ­න්ධ­තා­ව­යන් , ආද­රය සෙනෙ­හස සොයුරු පෙම ආදිය ඔස්සේ මල් කුමා­රයා සහ සම­න්මලී කෙටි කතා සංග්‍ර­හයේ කතා දිග­හැරි තිබේ.

Comments