Mahindra Bolero City Pik-up වාහනවල ඔරිජිනල් ටයරය සියැට් | Page 5 | සිළුමිණ

Mahindra Bolero City Pik-up වාහනවල ඔරිජිනල් ටයරය සියැට්

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමඟ ඒකාබද්ධව ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M) සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා Original Equipment& ලෙස එක්වී ඇත.

මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග OEM & ගිවිසුමට අනුව කැලණියේ පිහිටි සියැට් කැලණි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන 215/75 R15 m ප්‍රමාණයේ CEAT Milaze HD ටයර් මතුගම වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා ඔටෝමෝටිව් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ එකලස් කරන සියලුම Mahindra Bolero City Pik-up වාහන සඳහා භාවිතා කරනු ඇත. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මෙසේ එකලස් කරන ලද වාහන 36 ක් සඳහා සියැට් විසින් මේ වනවිටත් ඉහළ කාර්යසාධනයකින් යුක්ත මෙම රේඩියල් ටයර් 180 ක් සපයා තිබෙන අතර 2022 ජනවාරි මාසයේ සිට මාසයකට ටයර් 720ක් දක්වා සැපයීමට සැලසුම් කර ඇත.

Comments