මියන්මාරයේ මිලිටරි ජුන්ටාව එරට ප්රජාතන්ත්රවාදී රාජ්‍ය නායිකාව වූ අවුන් සාන් සුකී පිළිබඳ නඩුව ඇසීමට කටයුතු ආරම්භ කර ඇතැයි එරටින් වාර්තා වේ. බොහෝ දුරට එම නඩුව මේ මාසය ඇතුළත ඇසීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේදී සුකී පාලනයේ පැවති මියන්මාරය එරට හමුදාව විසින් පැහැර ගැනීමෙන් පසුව පසුගිය ජූනි මාසයේදී අවුන්සාන් සුකී ප්‍රථම වරට උසාවිය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි. මේ කිසිදු අවස්ථාවක මාධ්‍යට උසාවිය අසලට හෝ පැමිණීම තහනම් කර තිබූ බව ද මියන්මාරයෙන් වාර්තා වේ.
රජය පැහැර ගැනීමෙන් පසුව මියන්මාර ජනතාව අති විශාල වශයෙන් විරෝධතාවලට එක්වෙමින් හමුදා පාලනයට විරෝධය දැක්වූවද එම විරෝධතා මර්දනය කිරීමට මියන්මාර හමුදා රජය පහසුවෙන් කටයුතු කළේය.