පසුගිය වසරේදී ලෝකයේ වැඩියෙන්ම භාවිත වී ඇති ඉංග්රිසි වචනය ‘වැක්ස්’ බව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ කමිටුව පවසා ඇත.. වැක්ස් යන වචනය මීට පෙර තිබී ඇත්තේ ඉතාමත් අවම භාවිත තත්ත්වයකය. එහෙත් කොවිඩ් පැතිරීමත් සමඟ එන්නත හෙවත් ‘වැක්ස්’ යන වචනය විශාල වශයෙන් භාවිතයට එක්විය. 2020 වසරේදී වයිරසය ලොව පුරා පැතිර ගිය අතර 2021 වසර ආරම්භ වූයේ වයිරසයට එන්නත් සොයා ගැනීමත් සමඟිනි. එමෙන්ම මේ ඉංග්රිසි වචනය සෙසු භාෂාවල වෙනත් වචන සමඟ ද යෙදී භාවිත වූ බව ඔවුන් පෙන්වා දී ඇත. වැක්ස් යන වචනය සමඟ තවත් වචන රාශියක් එක්වී විශේෂ භාවිතයක් ලෙසින් ද එම වචනය යෙදුණු බව එම කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙයි.