වේදිකාව, පුංචි තිරය හෝ සිනමාව නම් කලා මාධ්‍ය ප්‍රධාන භූමිකාවක් වෙන් වෙන්නේ වේශ නිරූපණය වෙස් ගැන්වීම හෙවත් අංගරචනයට. තිර නාටකය ලියන තිර රචකයාගේ සිතේ මැවෙන රූපය අධ්‍යක්ෂවරයාට කැමරා කෝණ මතින් නිවැරදිව ග්‍රහණය කර ගන්නට අවස්ථාව උදා වෙන්නේ අංග රචනා ශිල්පියා අදාළ නළුවා හෝ නිළිය බාහිර ස්වරූපයෙන් ඒ චරිතයට ආදාළව හැඩගැස්වීමෙන් පසුවයි. ඒ නිසාම අද දවසේදී අපි ඔබට සමීප කරන්නේ දෙස් විදෙස් කලා නිර්මාණ ඔස්සේ සිය වෘත්තීය කෞශල්‍ය විදහා දක්වන්නට සමත් වූ ප්‍රවීණ අංගරචනා ශිල්පී හේමන්ත ගමගේ සමඟ සිදු කළ කතාබහයි.
කොහොමද අංග රචනා කලාවට යොමු වෙන්නේ
උසස් පෙළ කළාට පස්සේ මට ඕනේ වුණා සංගීතය පැත්තට යොමු වෙන්න. ඒ වෙනුවෙන් මම විජයරත්න රණතුංග ගාවට ගියා තබ්ලා ගහන්න ඉගෙන ගන්න. ඒ අතරේ තරංග රුක්මල්වල මහතා ආවා වැඩකට. ඔහු මේකප් කරන දිහා බලන් ඉන්නකොට මට කිව්වා කැමති නම් එන්න කියලා. ඊට පස්සේ 1982 වගේ කාලයේ ඉඳන් එයා එක්ක ගොඩක් වේදිකා නාට්‍ය නිර්මාණ වල වැඩ කළා. ඒ කාලේ එයා වැඩ කළා හර්බට් රංජිත් පීරිස්ගේ ටෙලි නාට්‍යයක. ඒකට මම සහයක කෙනෙක් ගියා. හර්බර්ට් මහත්තයා කියන්නේ සංගීතයට ලැදි කෙනෙක් නිසා. මට ඔයාගෙන් මේකප් වැඩක් නැහැ එන්න තබ්ලා ගහන්න කියලා එයා ගාවට ගත්තා. ඊට පස්සේ මුලින්ම මම තනියම වැඩ කළේ හර්බට් රන්ජිත් පීරිස් අධ්‍යක්ෂණය කළ හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයයේ. ඔය කාලෙම 1986 දී THE FURTHER ADVENTURES OF TENNESSEE BUCK විදෙස් චිත්‍රපටය ලංකාවේ රූපගත කරන්න ඇවිත් තිබ්බා. ඒකට රත්නම් මහත්තයා රන්ජිත් අයියව තමා ගන්න හිටියේ. එයා ඒ කාලේ අනතුරක් වෙලා හිටිය නිසා එයාට යන්න බැරි වුණා. කොහොම හරි මට අවස්ථාව ලැබුණ ඒ සිනමා නිර්මාණයේ සහයට යන්න. එතනින් තමා මම සිනමා නිර්මාණ පැත්තට යොමුවෙන්නේ. අද වෙද්දී අපේ අය මේ කතා කරන ප්‍රොස්තටික් මේකප් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කළේ 1986 දී. ඊට පස්සේ විදෙස් චිත්‍රපට 20ක විතර වැඩ කරලා තියෙනවා. ඒ අතරේ තමා අපේ චිත්‍රපට වලත් වැඩ කරන්න ගත්තේ.
මේ වෙද්දී ක්ෂේත්‍රයේ ඇවිත් කොච්චර කාලයක් ද?
වේදිකා නාට්‍ය හැරලා 1986 ඉඳන් සිනමාව එක්ක ඉන්නේ. එහෙම බැලුවමත් අවුරුදු 35ක් වෙනවා.
අංග රචනා කලාව එදා සහ අද දකින්නේ කොහොමද?
මම 88දී තමා ඉස්සෙල්ලම මම තනියම වැඩ කරන්නේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්තයාගේත් පළමු චිත්‍රපටය වන අරගලය චිත්‍රපටයේ. ඒ අරගලය චිත්‍රපටය වෙද්දී මම විදෙස් චිත්‍රපට වල වැඩ කරලා තිබ්බට දේශීය චිත්‍රපටයක වැඩ කරලා තිබ්බේ නැහැ. වේදිකාව සහ ටෙලි නිර්මාණ වේශ නිරූපණයෙන් ලබා ගත්ත දැනුමින් සහ පොතපතින් ඒ වගේම අධ්‍යක්ෂක සහ කැමරාකරණය කරපු ඇන්ඩෘ ජයමාන්න එක්ක කතා කරලා තමා මම චරිතය ගොඩනැඟුවේ. අද වෙද්දී එහෙම නැහැ තාක්ෂණික ක්‍රම සහ ඒ තාක්ෂණික දැනුම ලබා ගන්න ඉතා පහසු ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙද්දී හදාරන්න බොහෝ තැන් තියෙනවා. නමුත් මේ වෘත්තීය හරියට කරන්න නම් ප්‍රයෝගික දැනුම අවශ්‍යයි.
වේදිකා, ටෙලි සහ සිනමා මේ අංශ තුනේම වැඩ කරද්දී වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕනේ මොනවටද?
වේදිකාව ගත්තම ඩිරෙක්ට් ලයිට් භාවිත කරන්නේ පළමු පෙළේ සිට අවසාන පෙළ දක්වා චරිතයේ සියුම් අංග පවා පැහැදිලිව පෙනෙන මේකප් එකක් අපි යොදන්නේ. එතකොට ටෙලි නිර්මාණයකට එනකොට ඒ කාලේ නම් අඟල් 36 පරාසයට පෙනෙන මට්ටමට තාත්වික මේකප් එකක් යොදන්නේ. ඊට වඩා ගොඩක් ලොකු අවධානයක් දෙන්න ඕනේ සිනමාවට. දැවැන්ත තිරයක පෙනෙන නිසා අපි කරපු පොඩි වැරද්දක් වුණත් පැහැදිලිව පෙනෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ මාධ්‍ය තුන හොඳින් හඳුනාගෙන වැඩ කරන්න ඕනේ.
විදෙස් රංගන ශිල්පින් එක්ක වැඩ කිරීම පහසුද?
ඒ අය වෘත්තීය මට්ටමේ ඉන්න අය. ඒ නිසා ඒ අය එක්ක වැඩ කරන්න පහසුයි. දර්ශන තලයට යන්න කලින් යොදන්න ඕනේ මේකප් එක ගැන පෙරහුරුවක් කරනවා. අපේ රටේ සමහර නිර්මාණවල දර්ශන තලයට යනකම්ම මේකප් ටෙස්ට් එකක් දාන්නේ නැහැනේ. 2016 දී මම SOLAR ECLIPSE (THE DEPTH OF DARKNESS) විදෙස් චිත්‍රපටයේ මේකප් ආටිස් කෙනෙක් විදියට වැඩ කරන්න ටෙස්ට් එකකට ගියා. එතනදී මට කිව්වා ඔයාව තේරුණොත් කැනඩාවේ මේකප් ආටිස්ලා තුන්දෙනෙක් එක්ක වැඩ කරන්න වෙන්නේ කියලා. මම කැමති වුණා. පස්සේ මගේ මේකප් එක දැකලා මගෙන් ඒ අය ඇහුවා ඔයාව මේකේ මේකප් ආටිස් විදියට තෝරා ගත්තොත් ඔයා කැමති ද කියලා. මට ලොකු සතුටක් දැනුණා. මම කවදා හරි විදෙස් චිත්‍රපටයක් තනියම කරන්න ලැබෙයි ද කියලා හිත හිතා හිටියේ. ඊට පස්සේ මෙහෙ 12දෙනෙක් විතර මගෙත් එක්ක සමහර දිනවලට වැඩ කරා.
ඔබට ඔබේ මේ අංගරචනා වෘත්තියෙන් ලද ඇඟයීම් ඇති,
ඒ ගැනත් මතක් කරොත්
හොඳම අංග රචනා ශිල්පියා විදියට 1995 දී මහනඩුව ටෙලි නිර්මාණයට සුමති සම්මානය ලැබුණා. 2000දී ඉන්ද්‍රඛිලය වෙනුවෙන් ජනාධිපති සම්මානය, 2003 දී සරසවි සම්මානය සහ සිග්නීස් සම්මානය හිමි වුණා සුළං කිරිල්ලිට, 2015දී සෑම්ගේ කතාවට සිග්නීස් සම්මානය හිමි වුණා.