
මයිකල් ජැක්සන් යළිත්
පොප් රජු ලෙස විරුදාවලි ලත් ලොවේම ආදරය දිනූ මයිකල් ජැක්සන්ගේ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ ගීත කිහිපයක් ඉදිරියේදී ලෝකයට තිළිණ කිරීමට තම පවුල තීරණය කර ඇතැයි මයිකල් ජැක්සන්ගේ සොහොයුරු ටිටෝ ප්‍රකාශ කර තිබේ.
නිර්මාණය කළ ගීත අතරින් ඇතැම් ගීත ප්‍රතික්ෂේප කළ මයිකල් ජැක්සන් තමන් ජීවත්ව සිටියදී එම ගීත ප්‍රසිද්ධියට පත් කිරීමට අවසර දී නොමැත. එහෙත් එම ගීත උසස් නිර්මාණ බවත් ඒවා රස විඳීමට ජනතාවට ඉඩ දිය යුතු බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී ඔහුගේ නොපළ ගීත ඇතුළත් ඇල්බමයක් එළි දැක්වෙනු ඇති බව මයිකල් ජැක්සන්ගේ සොහොයුරු ටිටෝ ‘ද සන්’ පුවත්පතට පවසා තිබේ.
චීනයෙන් හොඳ තීරණයක්
චීනය වයස අවුරුදු හයට අඩු දරුවන්ට විභාග පැවැත්වීම තහනම් කර තිබේ. චීනයේ අධ්‍යාපන ක්‍රමය මේ වන විට ප්‍රතිසංස්කරණයන්ට ලක් කරමින් පවතින අතර ඒ යටතේ මේ තීරණය ගත් බව ප්‍රකාශිතය.
පසුගිය සඳුදා දිනයේදී එරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළි දැක්වුණු අතර එහි දක්වා ඇත්තේ නිතර විභාග පැවැත්වීම හේතුවෙන් දරුවන්ට අතිවිශාල පීඩනයකට මුහුණ දීමට සිදුවී තිබෙන බවයි. එමෙන්ම චීන අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ඇත්තේ විභාග හේතුවෙන් දරුවන්ට අනවශ්‍ය මානසික, කායික පීඩා විඳීමට සිදුවන බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු හයට අඩු දරුවන්ට විභාග තහනම් කිරීමට චීන අධ්‍යාපන අමත්‍යාංශය නියෝග කර තිබේ. එමෙන්ම චීනයේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලාභ ලැබීමෙන් තොර විය යුතු බවටද රජය නියෝග ලබා දී තිබේ.
රෝනාල්ඩෝගෙන් වාර්තා පිට වාර්තා
පෘතුගීසි ජාතික අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමා විසින්ම මීට පෙර තැබූ ලෝක වාර්තාවක් අලුත් කිරීමට පසුගියදා සමත් වූයේය. ඒ ලෝකයේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා වශයෙනි. මීට පෙර ඔහු ගෝල 109ක් ලබා ගනිමින් ලෝකයේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහු පසුගියදා පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී 110 වැනි සහ 111වැනි ගෝල ලබා ගනිමින් එම වාර්තාව අලුත් කිරීමට සමත් වූයේය.
මේ තගරය පැවැත්වූයේ පෘතුගාලය සහ අයර්ලන්තය අතරයි. එම තරගයෙන් ගෝල දෙකට එකක් ලෙස අයර්ලන්තය පැරදවීමටද පෘතුගාලය සමත් විය.
බංග්ලාදේශයට තෑග්ගක්
කොලරා රෝගය වැළැක්වීම සඳහා කුඩා දරුවන්ට පහසුවෙන් ලබා දිය හැකි එන්නතක් නිපදවීම වෙනුවෙන් බංග්ලාදේශයේ විද්‍යාඥයකු වෙත රාමොන් මැග්සේයිසේ සම්මානය ලබා දී තිබේ. ෆිර්ඩාසි ක්වාඩ්‍රි නම් වන මේ විද්‍යාඥයා කොලරා රෝගය වැළැක්වීම සඳහා කුඩා දරුවන්ට මුඛ මාර්ගයෙන් ලබා දෙන එන්නතක් නිපදවීමට සමත් වී තිබේ. මේ එන්නත දරුවන්ට ලබා දීම පහසුවෙන් කළ හැකි වීමට එහි භාවිතය වැඩි වීමට හේතුවක් වී තිබේ.
රාමොන් මැග්සෙයිසේ සම්මානය සැලකෙන්නේ ආසියාවේ ‘නොබෙල්’ තෑග්ග වශයෙන් වන අතර ආසියානු රටවල ජනතාවට නා නා අන්දමින් සේවය කරන ජනතාව වෙත මේ සම්මානය නොයෙක් විෂයන් යටතේ වාර්ෂිකව පිරිනැමේ.
සෙලෙන්ස්කි බයිඩ්න්ට බැල්ම දමයි
යුක්රේන ජනාධිපති වැලොදිමීර් සෙලෙන්ස්කි තම රටට එල්ල වන රුසියානු පීඩනය පාලනය කර ගැනීම සඳහා ඇමරිකාවේ සහය පැතීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ. ඇෆ්ගනිස්තානයෙන් තම හමුදා ඉවත් කරගැනීමෙන් පසු ඇමරිකාවට තම රටට උපකාර කිරීමට හැකියාව ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පවසා තිබේ.
මේ වන විට යුක්රේන ජනාධිපතිවරයාට වොෂිංටනයේ සංචාරයක වෙමින් සිටින අතර ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගත් දිනයේදී ඔහු පෙන්ටගනයේ විශේෂ සංචාරයක නිරත වෙමින් සිට ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තම රටට ඇමරිකානු සහය ලබා ගැනීමට කාලය පැමිණ ඇති බවයි.