
‘මේ දිනවල වැඩිපුර කතාබහ වන නමක් ගාඩියෝලා. කවුද මේ ගාඩියෝලා. ඔහු කරන්නේ කුමක් ද? ඔහු ඉන්නේ කොහේ ද? ඔහු මෙතරම් සම්භාවනාවට පාත්‍ර වන්නේ ඇයි? මේ සියල්ල සංක්ෂිප්ත කර දක්වන ලිපියකි මේ.’
ගාඩියෝලා ගේ සම්පූර්ණ නම ජෝසෙප් ගාඩියෝලා සාලා ය. ඔහු ස්පාඤ්ඤ ජාතිකයකු වන අතර මේ වන විට පසුවන්නේ පනස් වැනි වියේ ය. ගාඩියෝලා යනු වර්තමානයේ ලොව බිහිවූ විශිෂ්ටතම පාපන්දු කළමනාකරුවන්ගෙන් අයෙකි.
ඇයි ඔහු මෙතරම් විශිෂ්ට වන්නේ?
 ඊට පිළිතුරු දීමට යද්දී පුහුණුකරුවකු වශයෙන් ඔහුගේ ඇරැඹුම ගැන සොයා බැලිය යුතු ය. ගාඩියෝලා නමැති පුහුණුකරුවාගේ උපත සිදු වන්නේ බාසිලෝනා 'බී' කණ්ඩා-යම සමඟ ය. එම උපත ඔහු සාර්ථක කර ගත්තේ Tercera කලාපීය පාපන්දු තරගාවලියේ ශූරතාව කරා තම කණ්ඩායම රැගෙන යමිනි.
ඊට පිළිතුරු දීමට යද්දී පුහුණුකරුවකු වශයෙන් ඔහුගේ ඇරැඹුම ගැන සොයා බැලිය යුතු ය. ගාඩියෝලා නමැති පුහුණුකරුවාගේ උපත සිදු වන්නේ බාසිලෝනා 'බී' කණ්ඩා-යම සමඟ ය. එම උපත ඔහු සාර්ථක කර ගත්තේ Tercera කලාපීය පාපන්දු තරගාවලියේ ශූරතාව කරා තම කණ්ඩායම රැගෙන යමිනි.
එම ජයග්‍රහණය ගාඩියෝලාට සුප්‍රකට බාසිලෝනා පළමු පෙළ පාපන්දු කණ්ඩායමේ කළමනාකරුවා බවට පත්වන්නට අවස්ථාව උදාකර දුන්නේ ය. ඒ 2008 වසර විය. එම නව වගකීම සමඟ ඔහු ලා ලිගා, කෝපා හා යුරෝපා කුසලාන ශූරතා ජය ගැනීමට තම කණ්ඩායම මෙහෙයවමින් අතිවිශිෂ්ට වාර්තාවක් පිහිටු වූයේ ය.
යුරෝපා ශූරතාව දිනූ ළාබාලතමයා
එය අතිවිශිෂ්ට වාර්තාවක් ලෙස සැලකෙන්නේ එවැනි දක්ෂතාවයක් පළ කළ ළාබාල ම පාපන්දු කළමනාකරු ගාඩියෝලා වීම හේතුවෙනි. 2011 ලා ලිගා ශූරතා දෙකක්, ලීග් ශූරතා ද්විත්වයක් අරබයා බාසිලෝනාවට මඟ පෙන්වන්න-ටත් ඔහු සමත් විණි. මේ නිසා ඔවුන්ගේ ඉහළම සම්මානය වන ස්පාඤ්ඤයේ කැට-ලෑන් පාර්ලිමේන්තු රන් පදක්කමින් ඔහුව පිදුම් ලැබීම ද පසුකාලීනව සිදු කෙරුණේ ය.
එම වසරේ දී ම ඔහු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ඔවුන්ගේ ලෝකයේ හොඳම පුහුණුකරු වශයෙනුත් නම් කරනු ලැබිණි. කෙසේ නමුත් බාසිලෝනාව සමඟ පැවැති සිව් වස-රක පුහුණු ගිවිසුම් කාලය 2012 වසරේ දී අවසන් විණි. ඒ වන විට ඔහු ශූරතා දහ හතරක් දිනා ගනිමින් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ වාර්තාවක් පිහිටුවා තිබුණේ පුහුණු කළමනාකරුවකු වශ-යෙන් අතිශය සාර්ථකත්වයක් පෙන්-නුම් කරමිනි. මේ ජයග්‍රහණ ගාඩියෝලා පාපන්දු ක්‍රීඩාවේ අතිවිශිෂ්ටයකු බවට පත්කළේ ය.
ක්‍රීඩකයෙක් වශයෙන් ගාඩියෝලා ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම නියෝජනය කළේ ආරක්ෂිත මැද පෙළ ක්‍රීඩකයෙක් වශයෙනි. ඒ අනුව ඔහු තරග හතළිස් හතක් දක්වා ක්‍රීඩා කළ අතර ඊට 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය, 2000 වසරේ යුරෝපා පාපන්දු ශූරතා තරගාවලිය ද ඇතුළත් ය.
වෘත්තීය ක්‍රීඩාවේ දී ගාඩියෝලා බාසිලෝනා ව නියෝජනය කළ අතර 1992 වසරේ දී පළමු යුරෝපානු ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් විය. 1991 සිට 1994 දක්වා ස්පාඤ්ඤ ලීග් ශූරතාව දිනාගත් කණ්ඩායම නියෝජනය කළේ ය.
ඔහු 1997 වසරේ දී බාසිලෝනා හි නායකත්වයට පත්විණි. එතැන් සිට 2001 වසරේ ඉන් සමුගන්නා තුරු බාසිලෝනා නායකයා වූයේ ද ඔහුම ය. ඉන් අනතුරුව Brescia හා Roma ඉතාලිය, Al-Ahli කටාරය, මෙක්සිකෝවේ Dorados de Sinaloa යන කණ්ඩායම් හා ක්‍රීඩා කර තිබුණේ ය.
2013 වසරේ දී Bayern Munich කණ්ඩායමේ කළමනාකරු වන ඔහු එම කණ්ඩායම බන්ඩෙස්ලිගා ශූරතාව දිනා ගැනීමට මෙහෙවී ය. 2016 වසරේ දී ඔහු මැන්චෙස්ටර් බැවරිනාස් කණ්ඩායම හා එක් වූ අතර එහිදී ප්‍රමුඛ පෙළ ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට පුහුණු උපදෙස් ලබා දුන්නේ ය.
පාපන්දු ඇරැඹුම
ගාර්ඩියෝලා උපත ලබා තිබෙන්නේ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ බාසිලෝනා හි සැන්ට්පෙඩ්‍රෝ හි දී ය. ඔහු පාපන්දු ක්‍රීඩාවට පය තබද්දී වයස දැක්වුණේ අවුරුදු දහතුනක් ලෙස ය. බාසිලෝනා යොවුන් පාපන්දු ඇකඩමියට ඇතුළත් වූ ඔහු අවුරුදු 21 න් පහළ වයස් කාණ්ඩයේ ලොව හොඳම ක්‍රීඩකයා බවට පත්විය.
දහ හත් වසරක බාසිලෝනා දීගය තුළ ඔහු තරග සමයන් දොළහක දී තරග 479 ක් වෙනුවෙන් ක්‍රීඩාකර ශූරතා දහසයක් දිනාගෙන තිබේ. “ඒක දිගු ගමනක්. ඒ ගැන සතුටුයි වගේම ආඩම්බරයි.” ගාඩියෝලා වරක් පවසා තිබුණේ ය.

 
 









