පළමු හැරවුම
මම උපන්නේ මාතර. හරියටම කියන්නේ නම් වැලිගමය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද එහිමය. අපි ක්‍රිකට් තරග වලට සහභාගිවුණු එසමය අමතක නැත. සනත් ජයසූරිය යනු එකල සිටම මගේ හොඳ මිත්රයෙකි. මාතර උයන්වත්තේ ක්‍රිකට් තරගයකට සහභාගිවී ගිනි කසයා සේ සනත් එල්ල කළ ප්‍රහාරයක් ජයග්‍රහණයකින් නිමවද්දී මගේ පියාගේ කර මත යන්නේ මා නොව සනත්ය. මට වඩා වැඩිවාරයක් සනත් මගේ පියාගේ උරහිස් මත වාඩිවී...