හොර අල්ලන්න අති විශේෂ තාක්ෂණය | Page 2 | සිළුමිණ

හොර අල්ලන්න අති විශේෂ තාක්ෂණය

 

ඔලිම්පික් යනු ලෝක මට්ටමේ ජයග්‍රාකයන් අතර තරගයක් වන බැවින් මේ ක්‍රීඩා තරග අතර විශාල වශයෙන් සොරමැරකම් සිදුවීමටද ඉඩකඩ පවතින බව අමතක කළ යුතු නැත. ජපාන බලධාරින් මෙලෙස ක්‍රීඩකයන් තහනම් උත්තේජක ලබා ගෙන ඇතිද යනාදී නීති උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීමේ සිට ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීම දක්වා ඉතාමත් නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කර තිබිණි.

ක්‍රීඩාව අතරතුර ක්‍රීඩකයන්ගේ හෘද ස්පන්දනය සිදුවන වාර ගණන පවා දැක්වෙන දර්ශක යොදා තිබෙනු දැකගත හැකි විය. අති විශේෂ කැමරා සහ තවත් රූ ගත කිරීම් පහසුකම් පිළිබඳව ජපාන බලධාරීන් කටයුතු යොදා තිබුණේ මෙවර ඔලිම්පික් නරඹන්නන්ට තහනම් වූ බැවිනි.

ක්‍රීඩකයන්ව නිරීක්ෂණ කිරීමට විශේෂ කැමරා යොදා තිබූ අතර ක්‍රීඩකයා‌ගේ සිට මීටර 12ක් දුරින් ස්ථාපිත කර තිබූ මේ කැමරා මගින් ක්‍රීඩකයන්ගේ ඉතා සුළු චලන, සමේ පැහැයේ සිදුවන ඉතා සුළු වෙනස්වීම්, යනාදිය පවා ඇසින් දැකිය හැකි මට්ටමට ගෙන එනු ලැබූයේ ක්‍රීඩකයන්ගේ හෘද ස්පන්දනය, ඇඩ්‍රිනලින් ශ්‍රාවය වීම වැනි සිරුර අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා ක්‍රීඩාවට ගෙන එන බලපෑම පිළිබඳවද අදහසක් ලබා දෙමිනි.

විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ හඬ නිවැරදිව ලබා ගැනීමට ඉතා සුවිශේෂ මයික්‍රෆෝන යොදා තිබුණු අතර හඬ ඉතා සුවිශේෂී ලෙස සලකනු ලැබ තිබිණි. අමතරව ආලෝකය කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබූ අතර දර්ශනය, චලනය, හඬ සහ ආලෝකය සමබර වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබිණි.

මේ සියලු විශ්මකර්ම තාක්ෂණය අත්විඳි බොහෝ දෙනා පවසා තිබුණේ මෙවර ජපානය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තාක්ෂණය භාවිතයෙන් විප්ලවීය වෙනසක් සිදු කර තිබූ බවයි.

 

Comments