රියදුරන් රහිත රථවාහන | Page 2 | සිළුමිණ

රියදුරන් රහිත රථවාහන

මෙවර ඔලිම්පික් පැවැත්වීමට සිදුවූයේ සමාජ දුරස්ථකරණ නීති ද ආරක්ෂා කර ගනිමිනි. සැබවින්ම මෙවැනි අති විශාල ක්‍රීඩා උලෙළක් පැවැත්වීමේදී සමාජ දුරස්ථකරණය ආරක්ෂා කර ගැනීම යනු අභියෝගයකි. ඔලිම්පික් තරග ඉසවු සඳහා සහභාගී වන ක්‍රීඩකයන් අදාල ස්ථාන කරා ප්‍රවාහනය කිරීම පමණක්ම අති විශේෂ සැලැස්මකට අනුව කළ යුතු වන බැරෑරුම් ක්‍රියාවක් වේ. මේ සඳහා නියමුවන් රහිත මෝටර් රථ සැපයීමට ටොයොටා සමාගම කටයුතු කර තිබුණේ සමාජ දුරස්ථකරණය ආරක්ෂා කරමින් ක්‍රීඩකයන්ගේ මෙන්ම ජපානයේද ආරක්ෂාව ද සලකමිනි.

එමෙන්ම මෙසේ යොදවන ලද මෝටර් වාහනවලින් කිසිඳු කාබන් විමෝචනයක් සිදු නොවන බවද ජපාන බලධාරීන් සනාථ කර තිබිණි. ඔලිම්පික් පැවැත්වෙන නගරවල අදාළ ස්ථාන කරා ක්‍රීඩකයන් රැගත් නියමුවන් රහිත රථ ඉතා ආරක්ෂිතව ගමන් කරනු ඉතා සුන්දර දසුනක්ද විය.

Comments