ක්‍රීඩකයන්ව වරදින් මිදවීමට විශේෂ ඇඳක් | Page 2 | සිළුමිණ

ක්‍රීඩකයන්ව වරදින් මිදවීමට විශේෂ ඇඳක්

ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ සිදුකළ විශේෂතම නිමැවුම ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිකළ අඩු වියදම් පරිසර හිතකාමී නිදන ඇඳ දැක්විය හැකිය. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල අමුත්තන් අතුළු සියලු දෙනා සඳහා නිදන ඇඳන් සැකසිය යුතු වන අතර ඒ සියල්ල එක හා සමාන විය යුත්තේ සැම දෙනාටම එකසේ සැලකිය යුතු වන නිසාවෙනි. ජපානය මෙවර ඔලිම්පික් ඇඳන් නිපදවීමේදී පැති කිහිපයක් පිළිබඳ සලකා නිපදවා තිබුණේ අති සුවිශේෂී ඇඳකි.

ඒ ඇඳ සඳහා සම්පූර්ණයෙන් කාඩ්බෝඩ් යොදා තිබුණු අතර මෙට්ට සඳහා ෆෝම් පමණක්ම භාවිත කර තිබිණි. ජපාන බලධාරින් පවසා තිබුණේ පරිසරය ආරක්ෂා කිරීම තම ප්‍රධාන තේමාව බැවින් මෙවැනි ඇඳක් නිර්මාණය කළ බවයි. එහෙත් එම ප්‍රධාන තේමාවට අමතරව ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව මෙන්ම ඔවුන් ලිංගික කටයුතුවලින් වැළැක්වීම වැනි තවත් අරමුණුද විය.

මේ එක් ඇඳකට ඉසිලි හැකි වන්නේ එක් පුද්ගලයකුගේ බර පමණක් යැයි සඳහන් වූ අතර එසේ ඇඳන් නිපදවීමේ මූලික අරමුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගික කටයුතුවලින් වැළැක්වීම බවද ප්‍රකාශ විය.

මේ ඇඳන් පිළිබඳව ජපාන බලධාරීන් කුමක් පැවසුවද ක්‍රීඩකයන් වෙතින් නම් මේ සඳහා බරපතළ විවේචන එල්ල විය. ඇතැම් ක්‍රීඩකයන් ඇඳ ඉතා පටු බවත් සුවපහසුව මද බවත් පවසා තිබිණි. ඔවුන් මේ ඇඳ පිළිබඳ දර්ශන සමාජ මාධ්‍ය වෙතද යොමු කර තිබිණි. ඇඳට අධි බර ඉසිලීමේ හැකියාව නොමැති බව පැවසුනද ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් සය දෙනෙකු එක් ඇඳක් මත සිටිමින් ලබාගත් ඡායාරූ අන්තර්ජාලයට යොමු කර තිබුණේ ජපාන බලධාරින්ගේ අරමුණු තර්ජනයට ලක් කරමිනි.

Comments