![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/30/011.jpg?itok=FewJFO78)
ක්‍රීඩකයන්ට මඟ පෙන්වීමට සහ තවත් නොයෙකුත් කටයුතු සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට මෙවර ජපානය කටයුතු යොදා තිබෙනු බොහෝ විදෙස් මාධ්‍යවල අවධානය දිනා ගැනීමට සමත් වී තිබිණි. මේ සඳහා ටොයොටා ආයතනය මෙන්ම පැනසොනික් ආයතනයද තාක්ෂණ සහය ලබා දී තිබිණි.
මේ සඳහා එකම හැඩයෙන් යුතු කළු සහ සුදු වර්ණයන්ගෙන් යුතු රොබෝ යන්ත්‍ර නිපදවා තිබූ අතර මේ රොබෝ යන්ත්‍ර ක්‍රීඩකයන්ට ආහාර පාන ගෙනවුත් දීම, ඔවුන්ට මඟ පෙන්වීම, මෙන්ම තොරතුරු පත්‍රිකා බෙදා දීම යනාදී ක්‍රියාවන්ට සහය දැක්වීමට යොදවා තිබිණි. එමෙන්ම ප්‍රධාන ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් පසුව එළඹෙන පැරාලිම්පික් උළෙලේදී ආබාධික ක්‍රීඩකයන්ගේ රෝද පුටු තල්ලු කිරීමේ සිට තවත් කටයුතු රැසක් සඳහා මේ රොබෝ යන්ත්‍ර යොදා ගැනීමට ජපානය කටයුතු කිරීමට නියමිතය.