![මැට් හැන්කොක් සහ අනියම් පෙම්වතිය ගිනා](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/07/02/00000000000000000000000000000000_0.jpg?itok=tZxsjzBa)
බ්‍රිතාන්‍යයේ සෞඛය ඇමති මැටි හැන්කොක් පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඔහුට එසේ කිරීමට සිදුවූයේ ඔහුගේ අනියම් ප්‍රේම සම්බන්ධය ලෝකයා ඉදිරියේ නිරාවරණය වීම පමණක්ම නිසාවෙන්ම නොවේ. ඒ සමඟම ඔහු තම රටවැසියන් ඉදිරියේ මේ දිනවල ක්‍රියාත්මක වන සමාජ දුරස්ථකරණ නීති කඩකිරීමද හේතුවෙනි. සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් තම අනියම් බිරිය සිපගන්නා අයුරු ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ සිසීටීවී කැමරාවල පැහැදිලිවම සටහන් වී තිබුණු අතර මේ සීසීටීවී දර්ශන ඉහළ මිලක් ගෙවමින් බ්‍රිතාන්‍යයේ ‘සන්’ පුවත්පත විසින් මිලට ගෙන තිබිණි. පසුව ඔවුන් එය ලොවමට හෙළිදරවු කිරීමට කටයුතු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක්ට ස්වකීය තනතුරෙන් ඉල්ලා අස් වීමට සිදුවීමය.
මේ වන විටත් බ්‍රිතාන්‍ය පුරා සමාජ දුරස්ථකරණ නීති ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම නීති ජනතාව වෙත පනවනු ලැබුවේද සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මැට් හැන්කොක් විසිනි. දැන් ඔහුම එම නීති කඩ කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතු වී තිබේ. මැට් හැන්කොක්ගේ අනියම් පෙම්වතිය ඔහුගේ පෞද්ගලික සහායිකාවක් වන ගිනා කොලඩැන්ජෙලෝ වශයෙන් හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය ඇමතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවූ අතර එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ අදහසක් තිබුණද ආණ්ඩුවේ සෙසු ඇමතිවරුන්ගේ දැඩි තිරණ හමුවේ එය බාර ගැනීමට අගමැතිවරයාට සිදුවූ බව දැනගන්නට ලැබී තිබේ. කෙසේ හෝ මේ සිදුවීම යටගසා තම සෞඛ්‍ය ඇමතිවරයා දිගටම තම ඇමති මණ්ඩලයේ තබා ගැනීමට අගමැති ජොන්සන් උත්සාහ දැරූවද ආණ්ඩුවේ සෙසු ඇමතිවරුන් අගමැතිවරායට පවසා ඇත්තේ මේ සිදුවීම හේතුවෙන් ආණ්ඩුව නාය යෑමට ඉඩ ඇති බවත්, ජනතාවට මුහුණ දීමට තමන්ට හැකියාවක් නොමැති බවත්ය.
මේ සියල්ල මත සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම අගමැතිවරයා විසින් බාරගෙන තිබුණු අතර එදින සිට සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව කිසිදු තොරතුරක් සොයා ගැනීමට මාධ්‍යට නොහැකි වී තිබේ.
එහෙත් ඒ වෙනුවට හිටපු සෙඛ්‍ය ඇමති මැටි හැන්කොක් තම බිරියගෙන් වෙන් වීමට තීරණය කර ඇති බවත්, ඒ සමඟම ඔහුගේ අනියම් පෙම්වතිය ගිනාද තම සැමියාගෙන් වෙන් වීමට තීරණය කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බොහෝ විට මේ සිදුවීම මැටි හැන්කොක් ගේ දේශපාලන ජිවිතය සම්පූර්ණයෙන් අවසන් කිරීමට වුවද ඉඩ තිබේ. බ්‍රිතාන්‍ය ජනතාව මෙවැනි සිදුවීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ සදාචාරය අගයන නිසාම පමණක් නොව දේශපාලනඥයා යනු අවංක මිනිසකු විය යුතු බවට දැඩි විශ්වාසයක් ඔවුන් තුළ පැවතීමද හේතුවෙනි. ඒ හේතුවෙන්ම රටේ වගකිවයුතු පුද්ගලයන්‌ගේ, ජනප්‍රිය පුද්ගලයන්ගේ වැරදි, අතපසුවීම සෙවීමට ඇපකැප වුණු මාධ්‍යවේදීන්ද බ්‍රිතාන්‍ය තුළ සිටින බව අමතක කළ යුතු නැත.
ඇමරීකානු හමුදාව යනු ලෝක දේශපාලනයේ බලවත්ම භූමිකාවක් නියෝජනය කරන ආයතනයක් බව පැහැදිලිය. විශේෂයෙන්ම ඇමරිකානු බුද්ධි අංශ ලබා දෙන තොරතුරු ලෝක දේශපාලනයේ සිදුකළ වෙනස්කම් රාශියකි. ඒ හේතුවෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීම වැළැක්විය නොහැකි විය.
ඇමරිකානු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස්වකීය අනියම් සබඳතාවය ලොවට හෙළිවීම නිසා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවූ ජෙනරල් පෙට්රියස් හඳුන්වාදිය හැකි වන්නේද ‘දස්කොන්’ කෙනෙකු වශයෙනි. ජෙනරල් පෙට්රියස් යනු ඇමරිකානු හමුදාවේ අති දක්ෂ නිලධාරියෙකි. ඔහුගේ මූලිකත්වයෙන් සිදු කළ සාර්ථක මෙහෙයුම් රාශියකි.
ජාතික බුද්ධි සේවයේ එනම් සීඅයිඒ සංවිධානයේ නායකත්වය ඔහුට හිමි වන්නේද ඒ හේතුවෙනි. ඔහු හෝලි නොව්ටන් සමඟ දීර්ඝකාලීන පවුල් ජීවිතයක්ද පවත්වාගනෙ එමින් සිටියේය. ඒ අතරතුර ඔහුගේ ජීවිත කතාව ලිවීම අරමුණු කර ගනිමින් පෝලා බ්‍රෝඩ්වෙල් නම් වන මාධ්‍යවේදිනියක් පැමිණෙන අතර ඇය සමඟ ඔහු අනියම් සබඳතාවක පැටලෙන්නේය. පසුව ඇය සහ ඔහු අතර පවතින සබඳතාව අනාවරණය වන්නේ පේට්රියස්ට සමීප වීමට උත්සාහ දැරූ තවත් කාන්තාවකට තර්ජනය කරමින් පෝලා බ්‍රෝඩ්වේල් ඇය වෙත යැවූ ඊමේල් ලිපි කිහිපයක් සමාජ ගතවිමත් සමඟිනි.
ජෙනරල් ඩේවිඩ් පේට්රියස් සහ පෝලා බ්‍රෝඩ්වෙල් අතර පවතින සබඳතාව පිළිබඳ දැනුම්වත් වූ පසු ඇමරිකානු ආරක්ෂක අංශ බියපත් වූයේ ඔහුගෙන් ඇය හරහා රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසියම් තොරතුරු සතුරන් අතට පත්වූයේද යන්න සම්බන්ධයෙනි. වහාම ජෙනරල් ප්‍රේට්රියස්ට ස්වකිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අණ කෙරුණු අතර ඔහුගේ පවුල් ජිවිතයද දැවැන්ත අර්බූදයකට ලක් විය.
ඇමරිකානු හමුදාවේ පමණක් නොව සමස්ත රටේම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට අවස්ථාව තිබූ ජෙනරල් පේට්රියස් තම ලොබ බැඳි කාත්නාවගේ පහස නිසාම ස්වකීය අවසන් කාලය නිග්‍රහ ලබමින් හුදකලාව ජීවත් වීමට හිත හදා ගත්තේය.
ලෝක බැංකුවේ හිටපු ප්‍රධානී පෝල් වුල්ෆොවිට්ස්ද ප්‍රේමය නිසා තම තනතුර අහිමි කරගත් පුද්ගලයෙකි. පෝල වුල්ෆොවිස්ට් යනු ඇමරිකානු පාලන තන්ත්‍රයේ ඉහළම තලයේ සිටි පුද්ගලයකු වූ අතර ඇමරිකාවේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ධූරයද ඔහු කලක් මෙහෙයවූයේය. ඔහු පසුව ලෝකබැංකුවේ දසවැනි ප්‍රධානියා ලෙස තේරී පත් වූ අතර ඔහු අනියම් ප්‍රේමයක පැටලෙන්නේ එම තනතුර දරමින් සිටියදීය.
ඇය ෂාහා රිසා නම් වූ අතර ලෝක බැංකුවේ මැදපෙරදිග කලාපය බාරව කටයුතු කරමින් සිටියාය. ලෝක බැංකු ප්‍රධානියාට එල්ල වූ චෝදනාව වූයේ අනියම් පෙමක පැටලීම නොව තම තනතුර අනියම් පෙම සඳහා අවභාවිත කිරීමය.
ලෝක බැංකු ප්‍රධානියා ලෙස වුල්ෆොවිට්ස් තම පෙම්වතියට විශාල වැටුප් වැඩිකිරීමක් සමඟ තවත් අමතර දීමනා ඇතුළත් පැකේජයක්ද අනුමත කර තිබිණි. එය සඟවා තැබීමටද වුල්ෆොවිට්ස් දැඩි උත්සාහයක් ගෙන තිබූ අතර සියල්ල හෙළි වූ පසු ඔහුට සිදුවූයේ තම තනතුරෙන් සමුගෙන යෑමටය. වුල්ෆොවිස්ට් ලෝකප්‍රසිද්ධ වූයේ මෙලෙස අනියම් පෙම් සබඳතාවක් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදුවූ ප්‍රථම ලෝක බැංකු ප්‍රධානියා වශයෙනි.
ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ තවත් අනියම් පෙම් සබඳතාවක් වූයේ බිල් - මොනිකා පෙව් පලහිලව්වයි. මෙහි බිල් යනු බිල් ක්ලින්ටන් නම් ඇමරිකානු ජනාධිපතිවරයා වූ අතර මොනිකා යනු මොනිකා ලෙවෙන්ස්කි නම් වූ ධවල මන්දිර සේවිකාවකි. මේ සබඳතවා ලොවට අනාවරණය වන විට බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා 49 හැවිරිදි වියේ පසුවූ අතර මොනිකා ලෙවෙන්ස්කි 22 හැවිදිරි වියේ පසුවූ රූමතියක වූවාය.
තමන් ධවල මන්දිරයේ සේවය කරන අතරතුර ජනාධිපතිවරයාගේ ලිංගික කටයුතු සඳහා දායක වීමට සිදුවූ බව ඇය පසුව උසාවිය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධව එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබා දෙමිනි. ඇය එහිදී ජනාධිපතිවරයා හා සබඳතා පැවැත්වූ අවස්ථාවක ඇඳ සිටි ඇඳුමක්ද උසාවියට ඉදිරිපත් කර සිටියේ ජනාධිපතිවරයාට ප්‍රතික්ෂේප කළ නොහැකි ජාන සාක්ෂිද සමගිනි. ක්ලින්ටන් ජනාධිපතිවරයාට ප්‍රථමයෙන්ම ලිංගික චෝදනා එල්ල කර සිටියේ පෝලා ජෝන්ස් නම් වූ කාන්තාවකි. පසුව ඇයට එය තහවුරු කර ගැනීමට නොහැකි වූ අතර මොනිකා පිළිබඳව චෝදනාව ඉදිරිපත් වූයේ ඒ අතරය.
මොනිකා ලෙවෙන්ස්කිගේ චෝදනාව නම් සාක්ෂි සහිතව සනාථ වුවද කෙසේ හෝ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ධූර කාලය අවසන් වන තෙක් ඔහු ආරක්ෂා කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. එමෙන්ම තම අනාගත දේශපාලන ජීවිතයක් ගැන සිහින මවමින් බිල් ක්ලින්ටන් සමඟ කෙසේ හෝ පවුල් ජිවිතය පවත්වාගන යෑමට ද ඔහුගේ බිරිය හිලරි ක්ලින්ටන් කටයුතු කළාය.
පසුව ඇයද ඩිමොක්‍රටික් පක්ෂයෙන් දේශපාලනට පිවිස ජනාධිපතිවරණයටද තරග කළද ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූවාය.
ගිනා සහ ඇයගේ සැමියා
බොහෝ විට මේ සිදුවීම මැටි හැන්කොක් ගේ දේශපාලන ජිවිතය සම්පූර්ණයෙන් අවසන් කිරීමට වුවද ඉඩ තිබේ. බ්‍රිතාන්‍ය ජනතාව මෙවැනි සිදුවීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ සදාචාරය අගයන නිසාම පමණක් නොව දේශපාලනඥයා යනු අවංක මිනිසකු විය යුතු බවට දැඩි විශ්වාසයක් ඔවුන් තුළ පැවතීමද හේතුවෙනි.
.හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි
ධවල මන්ධිර ඔවල් කාමරයේදී
මොනිකා ලෙවෙන්ස්කිගේ චෝදනාව නම් සාක්ෂි සහිතව සනාථ වුවද කෙසේ හෝ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ධූර කාලය අවසන් වන තෙක් ඔහු ආරක්ෂා කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. එමෙන්ම තම අනාගත දේශපාලන ජීවිතයක් ගැන සිහින මවමින් බිල් ක්ලින්ටන් සමඟ කෙසේ හෝ පවුල් ජිවිතය පවත්වාගන යෑමට ද ඔහුගේ බිරිය හිලරි ක්ලින්ටන් කටයුතු කළාය.
ජෙනරාල් පේට්රියස් සහ පෝලා බ්‍රෝඩ්වෙල්
ජෙනරල් ඩේවිඩ් පේට්රියස් සහ පෝලා බ්‍රෝඩ්වෙල් අතර පවතින සබඳතාව පිළිබඳ දැනුම්වත් වූ පසු ඇමරිකානු ආරක්ෂක අංශ බියපත් වූයේ ඔහුගෙන් ඇය හරහා රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසියම් තොරතුරු සතුරන් අතට පත්වූයේද යන්න සම්බන්ධයෙනි. වහාම ජෙනරල් ප්‍රේට්රියස්ට ස්වකිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අණ කෙරුණු අතර ඔහුගේ පවුල් ජිවිතයද දැවැන්ත අර්බූදයකට ලක් විය.
වමේ, හිටපු ලෝක බැංකු ප්‍රධානී පෝල් වුල්‌ෆොවිට්ස් සහ ෂාහා රිසා
ලෝක බැංකු ප්‍රධානියා ලෙස වුල්ෆොවිට්ස් තම පෙම්වතියට විශාල වැටුප් වැඩිකිරීමක් සමඟ තවත් අමතර දීමනා ඇතුළත් පැකේජයක්ද අනුමත කර තිබිණි. එය සඟවා තැබීමටද වුල්ෆොවිට්ස් දැඩි උත්සාහයක් ගෙන තිබූ අතර සියල්ල හෙළි වූ පසු ඔහුට සිදුවූයේ තම තනතුරෙන් සමුගෙන යෑමටය.
තම ප්‍රථම ධූර කාලය අති සාර්ථකව ගෙවමින් ඉරාකය සමඟ යුද්ධයකටද පැටලුණු බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා තමන් වෙත එල්ල වුණු ලිංගික අපචාර චෝදනා මධ්‍යයේ කෙසේ හෝ තම දෙවැනි ධූර කාලය ගෙවා ගත්තද විශාම ගත්තේ නිග්‍රහ ලැබූ ජනාධිපතිවරයකු වශයෙනි. ලිංගික අපචාර චෝදනා එල්ල නොවූවද බොහෝ ඇමරිකානු ජනාධීපතිවරු ලෝකයෙන් නිග්‍රහ ලැබූ බවද අමතක කළ නොහැකිය. ප්‍රේමය ලොව උතුම් දෙයක් වුවද අනියම් ප්‍රේමයට නම් පිළිගත් සමාජයේ ඉඩක් නැත. තමා දරන තනතුර සහ එහි වගකීම් මත තම ජිවිතය සකසා ගැනීමට නොහැකි වුණු තවත් බොහෝ පුද්ගලයෝ ඒ හේතුවෙන්ම තම ජිවිත අගාධයට හෙළා ගත්හ.
එවැනි පුද්ගලයන් වටහා නොගත් වැදගත්ම දෙය වූයේ තම දරමින් සිටින තනතුරට ගැළපෙන සේ තම චරිතය පවත්වා ගැනීමට අපොහොසත් වීම තුළින්ම තමන් තමන දරන තනතුරටද නුසුදුසු බව ලොවට හෙළි කළ බවයි.