
පින්ලන්තය යනු ආසියානු අපට හිතා ගැනීමට නොහැකි තරමේ විනිවිද භාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන රටකි. එමෙන්ම එරටේ ජනතාව වඩා නිදහස් චින්තයක් සහිත වන අතර ලෝකයෙන්ම සතුටුදායකම ජීවිත ගත කරන ජනතාව ලෙසින්ද අංක එකට පැමිණ ඇත්තේද පින්ලන්ත ජනතාවයි.
මේ රට පාලනය කරන තරුණ අගමැතිනිය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පැමිණි තැනැත්තියකි. ඇය තම ජනතාවට වඩවඩාත් පහසු ජිවිත ගත කිරීමට හැකි වන පරිදි සහන සලසා දෙමින් තම පාලනය මනාව ඉදිරියට ෙගන යමින් සිටියාය. ඇයට ජනතාවගේ ආදරය නොමදව හිමි විය.
එහෙත් එසේ වන අතරම ඇයට පසුගියදා ජනතා මුදල් අයථා පරිහරණය කිරීමේ දූෂණ චෝදනාවක්ද එල්ල විය. ඒ ඇය තම උදෑසන ආහාරය සඳහා රජයේ මුදල් භාවිත කළ බව ට එල්ල වූ චෝදනාවකි. පින්ලන්ත පොලීසිය පසුගියදා මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වූයේ අගමැතිනිය තම මාසයක කාලයක උදෑසන ආහාරය සඳහා ඩොලර් 365ක මුදල් රජයේ මුදලින් ලබා ගෙන ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. ඩොලර් 365ක මුදලක් යනු ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් 71000කට මඳක් වැඩි මුදලකි. මේ අනුව සිතා ගත හැකි වන්නේ පින්ලන්තය යනු කොරතම් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන රටක්ද යන්නත් ආසියාවේ අපට එතරම් පාලනයක් කොරතම් දුරස්තද යන්නත්ය.
කෙසේ වුවද පින්ලන්තයේ තරුණ අගමැතිනිය සන්නා මරීන්ට ඉදිරියේදී මේ සම්බන්ධව පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවනු ඇත. රජයට බදු මුදල් ගෙවන ජනතාවගේ කැපකිරීම මත තම උදෑසන ආහාරය ගැනීමේ නරක නාමයක් ගනිමින් තම ධූරයෙන් ඇයට ඉවත්ව යාමට සිදුවේද යන පැනය මේ වන විට නැඟෙමින්් තිබේ.