
1.සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කෙරෙනවද? මේ වනවිට ප්‍රමාණවත් පීසීආර් පරික්ෂණ සිදු නොකෙරෙන බවට චෝදනා නැඟෙනවා නේද ?
2.දැනුම්වත් වීමකින් තොරව සංචාරණ සීමා දීර්ඝ කිරීමෙන් ජනතාව දැඩි අසීරුතාවන්ට මුහුණ පා තියෙනවා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ද?
3.මේ කාලයේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කරගැනීමට ජනතාවට සැලසූ සහන නිසි පරිදි ක්‍රියාත්මක වූවාද?
4.මේ අවස්ථාවේදීත් කර්මාන්තශාලා විවෘත කර තැබීම නිසා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වෙනවා නේද ?
5.එන්නත්කරණය සහ රුපියල් 5000ක දීමනාව ලබා දීම නිසිපරිදි සිදු නොවන බවට චෝදනා නැඟෙනවා නේද ?
1 සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීම සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව කොතරම් දුරට මේ පිළිබඳව අධ්‍යයනය කර තිබෙනවාද යන කාරණාවට හොඳම නිදසුන. මේ සංචරණ සීමාවල ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ සංචරණය සීමා ඉවත් කළ විගසින්ම සිදුකරනු ලබන පිසිආර් ප්‍රතිඵල අනුවයි. අපිට පේනවා මේ වනවිට ව්‍යාප්තියට විශාල වශයෙන් ඇති ඉඩකඩ අඩුවෙලා තියෙන්නේ, සංචරණ සිමා පැනවිම ලෝකයේ අත්හදා බලපු සත්‍යයක් බවට පත් වූ සාර්ථක ක්‍රමවේදයක්. ලෝකයේ බොහෝ දියුණු රටවල් පවා මෙය අත් හදා බලා තිබෙනවා, වසංගත අවදානමත් සමඟ මිනිසුන් තුළ තමන්ගෙ ජිවිතය පිළිබඳ බියක් ඇතිවූ අවස්ථාවක දේශපාලනික ක්‍රිඩාවක යෙදීම සුදුසු නැහැ.
2. සංචරණ සීමා පැනවීම නිසා ජනතාව දැඩි අසිරුතාවන්ට මුහුණ පා තිබෙනවා, රජයක් ලෙස අපි ඒ සම්බන්ධයෙන් අතිශයින්ම කනගාටුවට පත්වෙනවා. කාර්යය සාධක බළකාය විසින් ඒ නිසා තමයි ජංගම වෙළෙදාම සඳහා ඉඩ පහසුකම් ලබා දුන්නේ. ඒත් ඒ සියලු දෙනාගේ කැපවීම ඇතුළේ ඊට වඩා විශාල ව්‍යසනයක් නතර කරගනිමින් සිටිනවා. සිදුවූ යම් අපහසුතාව නිසා අපි ජනතාවට කනගාටුව ප්‍රකාශ කරනවා ඒවගේම සමාව ඉල්ලන්නත් අවශ්‍යයයි. ආර්ථික ශක්තියක් නැති දෛනිකව කුලි පදමින් ජිවත් වූ ජනතාවට පළමු පියවර ලෙස පන්දහසක් ලබා දීමට ජනාධිපතිවරයා කාර්ය සාධක බළකායට උපදෙස් දීලා තියෙනවා. ඒවගේම සෑම මාවතක ම හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීම යන කාරණා දෙකටම එතුමා උපදෙස් ලබා දී තියෙනවා. නිවෙස්වලට ගොස් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමට සතොසට පවා උපදෙස් දී තියෙනවා. ජංගම වෙළද රථ සේවාවට දායකවෙන්න කියලා. පළාත් පාලන ආයතනවලටත් අපි උපදෙස් දී තියෙනවා. කාර්ය සාධක බළකායේ උපදෙස් නිසි පරිදි මේ සතිය සහ දෙක අතර ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා.
3.සමහර තැන්වල යාන්ත්‍රණවල අඩුපාඩු තියෙනවා. නමුත් අපිට එය සමස්තයට ගළපන්න බැහැ. අඩුපාඩු තියන තැන් වාර්තා කරලා ඒ අඩුපාඩු තියෙනවා නම් පෙන්වා දී නිවැරදි කරගැනිම ඉතා වැදගත්. මෙවැනි අර්බුදකාරි තත්ත්වක් යටතේ කුඩා අඩුපාඩුවිය හැකියි. නමුත් අපි සියලු පාර්ශ්ව එකතු වෙලා එය සකසා ගත යුතුයි. විවේචනය කරලා පැත්තකට වෙලා වැඩක් නැහැ. පුරවැසියාට රාජ්‍ය සේවකයාට දේශපාලඥයන්ට කළ හැකි සීමා තියෙනවා. අපි අපේ සිමාව ඇතුළෙ එනම් දේශපාලඥයන්ට කළ හැකි උපරිමය කරන්න උත්සාහ කරනවා. අපිට අපි වෙනුවෙන් කළ හැකි දෙයක් තියෙනවා. හැකි හැම අවස්ථාවකම නිවාසගත ව සිටිමයි මේ වෙලාවේ අපි කළ යුතු වන්නේ. කොවිඩ් කියන්නේ විශ්වයට ම එකවර බලපාන ලද විශ්වීය මාරයෙක්. ආර්ථිකයෙන් ඉහළ තලවල සිටින සියලු රටවල් පවා මේ විශ්වීය මාරයා ඉදිරිපිට අසරණ වුණා. අපි අපේ සාමූහික වගකීම බෙදා හදා ගෙන සාමුහික හැඟිමෙන් මුහුණ දිය යුතුයි.
4.අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන තමන්ගේ සේවකයන් එන්නත් කිරීමෙන් අනතුරුව ප්‍රවාහන පහසුකම් සහ නේවාසික පහසුකම් ලබාදීම සෞඛ්‍ය නීති රීති අනුව සිදුකර කර්මාන්ත ශාලා විවෘත කරන්න කියලා අදාළ පාර්ශ්වයන්ට අපි උපදෙස් දී තිබෙනවා. මක්නිසාද යත් යම් තරමකින් හෝ ආර්ථීක ක්‍රියාදාමයක් මේ අවස්ථාවේ සිදුවිය යුතුයි. එසේ අදාළ ක්‍රමවේදයන් අනුගමනය නොවෙන ආයතන පිළිබඳ අපි දැනුම්වත් විය යුතුයි.
5 -එන්නත් සම්බන්ධයෙන් උදාහරණයක් කිවහොත් මාතර දිස්ත්‍රික්කයට ලැබුණේ එන්නත් මාත්‍රා පනස් දහසක් වුවත් අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ වයස තිහට වැඩි වැඩිහිටි ජනගහනය හාරලක්ෂ පනස්දහසක් වෙනවා. වයස තිහට වැඩි ප්‍රමාණයෙන් දෙන්න පුළුවන් පනස් දහසයි. ඉතිරි හාරලක්ෂ ගණන එන්නත් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ තෝරා ගැනීම් කිරීම ඉතා අසීරුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රව ප්‍රමුඛතාව අනුව එන්නත් දීම සඳහා එක් එක් දර්ශක පාවිචිචි කරමින් එන්නත් ලබාදීම සිදු කරනවා.මේ වෙලාවේ මිනිසුන් ඉල්ලන්නේ ජිවිතයයි. එන්නත් නොලැබුණ කෙනා ඉන්නේ සැකයෙන්, අපි දේශපාලඥයන් ලෙස ඉන්නේ අවශ්‍ය පහසුකම් සැපැයිමේ කටයුත්තට සහභාගි වීමටයි. උදාහරණයක් ලෙස මාතර මගේ ගම තෝරාගෙන නැහැ; නමුත් මම එය පිළිගන්න අවශ්‍යයි. එසේ කිරිමට සාධාරණ හේතු ඇති බව අපි පිළිගතයුතුයි. අපේ ගමෙත් කොවිඩ් රෝගින් නැතුවා නොවෙයි. මියගිය අයත් ඉන්නවා. මාතර අපිට වඩා බරපතළ තැන් තියනවා. එසේ නම් ඒ දර්ශකය ඉතා නිවැරදි විදිහට සෞඛ්‍ය අංශ කරනවා. ඒ නිසා ඒ සාධාරණ නිර්නායක ඇතුළේ සියලුදෙනා තෘප්තිමත් කරන්නට නොහැකිවෙයි. සම්ප්‍රදායික දේශපාලනික කෝණ ඇතුළේ සිට මේ දේ කළ නොහැකියි. දේශපාලනඥයන්ගේ ගම තියන තැන ඡන්ද බල ප්‍ර දේශය කියලා එන්නත් කරණයට දේශපාලඥයන්ට මැදිහත් විය හැකි කාරණවක් නොවෙයි. ඒනිසා අපි මෙයට පහසුකම් සපයන්නාගේ කාර්යය මිසක තෝරාගන්නා ගේ කාර්යය ඉටු නොකළ යුතුයි. සෞඛ්‍ය අංශ මෙය හොඳින් ඉටු කරනු ලබනවා. අපි ආඩම්බර වෙන්න අවශ්‍යයයි, මේ සෞඛ්‍ය අංශ, ආරක්ෂ අංශ කරන කැපවීම පිළිබඳව.
1අපිට තියෙන ගැටලුව හැමදාම පී.සී.ආර් පරික්ෂණ වාර්තා එකම සමානව තියෙන්නේ කොහොමද කියලා.එක්කෝ අඩු වෙන්න ඕන, නැතිනම් වැඩිවෙන්න යුතුයි. එය ප්‍රශ්නයක්. එයට හේතුව විදිහට අපි දකින්නේ පී.සී.ආර් පරික්ෂණ සීමා කර තිබීමයි. සංචරණ සීමා නිසා මිනිස්සු ගෙවල් වල ඉන්නවා. පී.සි.ආර් කරන ප්‍රමාණය අඩුවෙලා තියනවා. ඒකයි මෙයට හේතුව.
2. ආණ්ඩුවේ කිසි සැලසුමක් නැති වැඩ පිළිවෙළ නිසා හිතුණ වෙලාවට සංචරණ සීමා දාන්නත්, අනෙක් වෙලාවට ඒ අයගේ අවශ්‍යතා නිසා එය ඉවත් කිරීමත් සිදු කරනවා. ජනතාවගේ පැත්තෙන් නෙමෙයි මේ අය හිතන්නේ. ජනතාව සියලු පැති වලින් අපහසුතාවට පත් වෙලා, මිනිසුන්ට කන්න නැතිවෙලා, සමහර අයට රැකියා නැතිවෙලා, කුලී වැඩ කරන මිනිස්සුන්ට ජීවත්වෙන්න විදිහක් නැති වෙලා,රැකී රක්ෂා කරන්න විදිහක් නෑ. ආණ්ඩුවේ සැලැසුමක් නැති වැඩ නිසා ජනතාවයි එහි පාඩුව විඳින්නේ. කොවිඩ් වසංගතය පිළිබඳව වෛද්‍යවරුන් කියපු විදිහට වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේක වෛද්‍යවරුන්ට බාර දීලා අපි පැත්තකට වෙලා ඉන්නවා කියලා ඇන්ජලා මර්කල් අගමැතිනිය කිව්වා. අපේ රටේ වෛද්‍යවරුන් පැත්තකට තියලා, අනවශ්‍ය වෙනත් වෘත්තිකයන්ට මෙය බාර දීලයි තියෙන්නේ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණකරලා වෛද්‍යවරුන්ගෙන්, ඒ සම්බන්ධ විශේෂඥයන්ගෙන් මෙය පාලනය කරන්න උපදෙස් ලබා ගන්න කියලා. එසේ නොකිරීම නිසා ජීවිතවලින් වන්දි ගෙවන්නේ ජනතාව. ඒ වගේම විශාල සංඛ්‍යාවක් ආසාදිතයන් වෙලා ඉන්නවා. මේ ජනතාවගේ ජිවිත වෙනුවෙන් රජය වග කිව යුතුයි.
3- මේ සංචරණ සීමා එකවර පනවා ගත්තා මිසක මොවුන්ට කිසිදු වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. ජනතාව බඩගින්නේ හිටියත් ඒ අයට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ .නිෂ්පාදකයාට නිසි මිලක් ලැබෙන්නෙත් නැහැ. පාරිභෝගිකයාත් විශාල මුදලක් ගෙවනවා. ජනතාවගේ කුසගින්න ගැන ආණ්ඩුවට කිසිදු තැකීමක් නැහැ. රජය සැලසුම් සහගතව ක්‍රියා කළා නම් නිෂ්පාදකයාට සහ පාරිභෝගිකයාට සහනයක් වෙනවා. රජයේ මේ අකාර්යක්ෂමතාව සහ සැලසුමක් නැති කමින් අද රටක් ලෙස සියලු දෙනාම දුක් විඳිනවා. ගොවියෝ එළවළු විකුණන්න ගියාම, පාරිභෝගිකයෝ එළවළු ගන්න ගියාම ඇතිවෙලා තියන අර්බුද අපි දැකලා තියෙනවා.
4. එන්නත් දීම සඳහා ප්‍රතිපත්තියක් නැහැ,එන්නත් දීමත් දේශපාලනිකරණය වෙලා. ආනයනය අපනයන ආදායමත් අවශ්‍යයි. ආනයන අපනයන උපයන, එලෙස ආර්ථිකයට දායක වන පිරිස්වල ජිවිතවල ආරක්ෂාව ගැන ආණ්ඩුව කිසිදු තැකීමක් කරන්නේ නැහැ. ඒ අයගේ ජිවිත අනතුරේ. කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට එන්නත් කරන වැඩපිළිවෙළක් නැහැ. මේ එන්නත ගෙන්න ගන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොතිබීම නිසා විශාල ව්‍යසනයකට ගොදුරු වෙලා. මේ වන විටත් සේවිකාවෝ මිය ගොස් තියෙනවා. ඒ අයට නිරෝධායනය වෙන්න කිව්වාම වැටුපක් නැහැ. අඩු තරමින් බඩු ටිකක් ගෙනිහින් දෙන්න හාම්පුතුන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ කරන්නේ ආණ්ඩුවට උදවු කරපු ව්‍යාපාරිකයන්ට හම්බකරගන්න අවස්ථාව ලබාදීමක්. සේවකයන් ගේ ජිවිත අනතුරෙන් වළක්වා ගන්න වැඩපිළිවෙළක් සකස් කරලා එසේ කළා නම් ගැටලුවක් නැහැ. මේ ක්ෂේත්‍රවල වැඩ කරන ලක්ෂ තුනක් අධික පිරිස්වල ජීවිත ආරක්ෂාව සලසලා විදෙස් ආදායම ලබා ගන්නවා වගේ ඒ ජිවිත පිළිබඳ වගකීමත් ගන්න කියලා අපි කියනවා. මේ අයගේ ජිවිතවලට වග කියන්න ඕන ආණ්ඩුව. පොලිසිය චෝදනා කරනවා ඒ අයට එන්නත ලබා දීලා නැහැ කියලා; ඔවුන් තමයි වැඩියෙන් පාරට බහින්නේ කියලා. එන්නත් දිය යුතු වන්නේ එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව දිය යුත්තේත් වැඩියෙන්ම අවධානම තියන අයටයි. එන්නත් ලබාදිමේදි ජාතික ප්‍රතිපත්තියක්,සැලසුමක් තිබිය යුුතුයි
5. එන්නත්කරණය පටන් ගත්තේ මෑතකදි. නමුත් එන්නත් නිෂ්පාදනය කරලා අනුමත කරලා දැන් මාස අටක් පමණ වෙනවා. ඒ වෙලාවේදි මේ එන්නත් ඇණවුම් කරන්න කියලා අපි කිව්වා. නමුත් රජයට එහි අවශ්‍යතාවක් තිබුණේ නැහැ .නමුත් ඇස්ට්‍රාසිනෙකා එන්නත රටවල් අසූවක් වැනි විශාල සංඛාවකට දීලා තියනවා. ඒ වෙලාවේ ඇණවුම් නොකරපු නිසා ගන්න බැරිවුණා කියලා කිව්වා. එන්නත් වලට වඩා මන්ත්‍රිවරුන්ට වාහන ඇණවුම් කරන්න අමතක කළේ නැහැ. ජනතාවගේ ජිවිත වලට වඩා මන්ත්‍රිවරුන්ගේ වාහනවලට වටිනාකමක් දුන්නා. ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ එන්නත් වලටයි. ආසියානු සංවර්ධන බැංකුවලින්, ලෝක බැංකුවලින් සල්ලි සොයාගෙන යනවා. එන්නත ගෙන්වන්න ප්‍රමාණවත් මුදලක් ආණ්ඩුවට හොයා ගන්න පුළුවන් වෙනවා; හිතවත් ව්‍යාපාරිකයන්ට සීනි වලට බදු සහන නොදී හිටිය නම්. එයාලට බදු සහන දුන්නා කියල ජනතාවට ඒකෙන් සෙතක් වුණේ නෑ. එන්නත් ඇණවුම් කරද්දි රජය හරහා ගෙන්වන්නේ නැතුව කොම්පැනියක් හරහා ගෙන්වීමට උත්සහයක් තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. රජය බලයට ගේන්න බිලියන ගණනක් සල්ලි දුන්න මිනිස්සුන්ට ආණ්ඩුව මිත්‍ර සංග්‍රහ දෙනවා. අන්තිමට මේ සියලු දේවල් වලින් පිඩාවට පත් වෙන්නේ කවුද? මේ රටේ අහිංසක ජනතාවයි. ආණ්ඩුවේ ඉන්න සමහර උදවියට සහ ආණඩුව බලයට ගේන්න මුදල් දුන්න සමහර කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ වුවමනාවට කර්මාන්ත ශාලා විවෘත කර තියෙනවා. බලයට පත් වුණ ගමන් මේ රටේ බලපුළුවන්කාර ධනවතුන්ට බිලියන හයසියක බදු සහන දුන්නා. අනෙක් පැත්තෙන් බදු සහන දුන්නා; මේ කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ට. මේ අය මේවා කරන්නේ මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන කම්කරු සේවක සේවිකාවන්ගෙ ජිවිත අනතුරේ තියලයි. ඒ අයට හම්බ කරන්න ඉඩ දීලා මේ අය මේ දේවල් කරන්නේ. මේ කර්මාන්ත ශාලාවල සේවිකාවෝ මියයනවා. ඒ පිිළිබඳ රජයට කිසිදු තැකීමක් නැහැ. මේ සේවක සේවිකාවන් ගේ මානව හිමිකම් කඩවීමක් මෙහිදී සිදුවෙනවා. කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කරන්න කියලා අපි කියනවා.
1 - සංචරණ සීමා පැනවීමෙන් අපේක්ෂා කරන්නේ මිනිසුන්ගේ සංචරණය අඩු වෙලා රෝග ව්‍යාප්තිය වැළැක්වීමයි. සංචරණය සීමා අපේ රටේ පනවා තියන ආකාරයට රෝගය පාලනය වීමක් අපි දක්නට නැහැ. දවස් දහයකට වැඩිවෙලත් රෝගීන් දෙදහස් පන්සියයක් පමණ වාර්තා වෙනවා. මෙයින් කියන්නේ දහය දොළහක් ඉන්න පොඩි පොඩි කඩවලට යන්න එපා, නමුත් දහක් එක්දහස් පන්සියක් ඉන්න ෆැක්ටරියට යන්න කියලාද? මෙයින් සිදුවන්නේ මේ ළමයි ගෙදරට යනවා. රට හැමතැනම වැඩ කිරිමෙන්, සංචරණ සිමා පැනවීමේ ඇති වැඩක් නැහැ. මේ රෝගය තියෙන තැන්වලට ගිහින් ආවාම නිවෙස් වල ඉන්න අයටත් බෝ වෙනවා. බලාපොරොත්තු වූ අරමුණ සාර්ථකද කියලා ආණ්ඩුව දැනගත යුතුයි. වැඩකරන්න දීලා රටේ කර්මාන්ත ශාලා ඇරලා තියලා මේ සංචරණ සීමා දැම්මා කියලා වැඩක් නැහැ. ඒ වගේම පි.සී.ආර් පරික්ෂණ අවශ්‍ය පරිදි කරනවා ද කියලා සෞඛ්‍ය ඇමැතිනිවත් දන්නවද කියලා මම දන්නේ නැහැ. මරණ සම්බන්ධයෙන් දෙන වාර්තා බැලුවාම, පි.සී. ආර් පරික්ෂණ සම්බන්ධයෙන් වාර්තා බැලුවාම ඒවා නිවැරදි නොවන බව අපිට පැහැදිලියි. රට පුරා පී. සී. ආර් පරික්ෂණ අඩු කරලා තියෙනවා. ජීවත් වෙන්න රස්සාවක් හොයන මිනිහා කුඩුවට දානවා. උපන්දින සාද පවත්වන මිනිස්සුන්ට මුකුත් නැහැ. සමහරුන් තැන් තැන් වල ඇවිදිනවා.සිමා දාලා තියනවා නම් ව්‍යායාම කරන තැන්වල ඇවිදින්න බෑනේ.ලොකු මිනිස්සුන්ට වොකින් පාක් වල යන්න පුළුවන්.නමුත් කන්න දෙයක් හොයන මිනිහා කූඩුවේ. දරුවන්ගේ බඩ පුරවන්න යන මිනිහාට දඩුවම. සංචරණ සීමා නියමාකාරයෙන් කෙරෙන්නේ නැත්තේ මේ ආණ්ඩුව වැඩ දෙකක් එක පාර කරන්න ගිිය නිසයි.
2 ජුනි පළවැනිදා ඉදලා පන්දාහ දෙන්නේ සමෘද්ධි ලාභීයාගේ ඉතිරි මුදල රුපියල් 2500ක් විතර අතට හම්බ වෙන්නේ. ඒ පන්දහස අරන් කුලියක් මලියක් කරගෙන ඒ අය ජිවත් වුණේ. දැන් ජනතාවට කරන්න කුලි වැඩ නැහැ; මුකුත් නැහැ. එක වේලක් හරි කන්න ජනතාවට, මිනිස්සුන්ට රුපියල් පන්දහසක් සම්පූර්ණයෙන් ගෙවිය යුතුයි. ආණ්ඩුවම දන්නවා නොකියා වැහුවාම ජනතාව අමාරුවේ වැටෙන බව. රුපියල් පන්දහසක් දුන්නා අවුරුදු කන්න කියලා. එකෙන් පේනවා ලක්ෂ තිහක් ඉන්නේ මේ රටේ අවුරුදු කන්න රුපියල් පන්දහසක් නැති මිනිසුන් නොකියා වැහුවාම බරපතළ අර්බුදයකට වැටෙන බව දන්නවා කියන එක. රට නිකන් වහලා වැඩක් නැහැ; එන්නත්කරණය කළ යුතුයි. දැන් මේ ගේන එන්නත් හිතවත් මිනිසුන්ට බෙදාගෙන හරියන්නේ නැහැ. සිමා පනවලා මිනිසුන්ට එන්නත්කරණය කළ යුතුයි. මේ අය වෛද්‍ය විද්‍යාත්මක ව කටයුතු කරන්නේ නැහැ. දවසේ වැඩකරන මිනිසුන්, කැඳ කෝප්පය විකුණා ජිවත් වුණ මිනිසුන්ට බුලත් විට විකුණලා ජිවත් වුණ මිනිසුන් කොහොමද ජිවත් වෙන්නේ? ආණ්ඩුව සල්ලි දෙන්න පටන් ගන්නකොට ඒ මිනිසුන් බඩ ගින්නේ ඉදලා තියෙන්නේ හුඟ වේලක්.
3- සංචරණ සීමා පැනවීමෙන් අත්‍යවශ්‍ය සේවා සැපයෙනවා කිව්වාට අපි දකිනවා එළවුළු මිල. නමුත් අපි බඩුගන්න ගියාම ඒ මිල ගණන් වලට ලැබෙන්නේ නැහැ; ගොවියොත් අමාරුවේ; වෙළෙන්දොත් අමාරුවේ; ජනතාවත් අමාරුවේ. ගොවියා ගේ එළවළු පලතුරු ටික අරගෙන බෙදා හැරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හෝ ආරක්ෂක අංශ හරහා සම්බන්ධ කරමින් වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නැතිව මේ අය මොනවද කරන්නේ ? ජනතාවටත් එය සහනදායි මිලට ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. ගොවියාටත් වෙළඳුන්ටත් යම් සහනයක් ලබා දිය යුතුයි. මේ දේවල් වලට ක්‍රමවේදයක් සකස් කරන්නට අවශ්‍යයි. අපේ ගමේ ඉන්නවා රාජ්‍ය නිලධාරින් තුන්දෙනෙක්. සමෘද්ධි නිලධාරි, ග්‍රාම නිලධාරින් ඉන්නවා. ජනතාව දන්න අය, මේ අය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගම සම්බන්ධ කරලා බෙදාහැරිමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. සතොස ඇතුළු රජයට සම්බන්ධ ආයතනයන් මේ සඳහා සම්බන්ධ කළ යුතුයි. ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආණ්ඩුවේ හිතවත් පිරිස තමයි අද එළවුළු ටික ගෙනල්ලා කොළඹ බෙදා හරින්නේ. ඒ අයටයි පර්මිට් ලැබෙන්නේ. වසංගතය ජාවාරමක් කරගෙනයි ඒ අය ඉන්නේ. මේ එකම අවස්ථාව නෙමෙයි. එළවුළු ටික විකුණන එකේ ඉඳලා නෙමෙයි, ඇන්ටිජෙන් ගෙන්වන තැනේ ඉදලාම මේ අය මේක ජාවාරමක් කරගෙනයි ඉන්නේ.
4 මේ වනවිට කොරෝනා නිසා ආයතන කිහිපයක සේවිකාවන් මිය යනවා. ඒ අයට වැඩ නවත්වන්න වෙලා තියෙනවා. මේ සංචරණ සීමා පනවන්න පටන් ගත්ත දවසේ ඉදලා පෞද්ගලික අංශ දිගටම කරගෙන යනවා. අපිට තියන ප්‍රශ්නය, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියයට පහළොවක් විතර වැඩ කරන්නේ. වැඩ කරන්න එපා කියනවා; ගාමන්ට් එකක් ඊට අල්ලපු වත්තේ තියනවා නම් ඒ අයට වැඩ කරන්න කියනවා.මොනවද මේ තීන්දු? ප්‍රශ්නය වන්නේ බහුතරයක් ඉන්න තැන්වලින් මේක බෝවෙන එකයි. අත සේදීමටවත් පහසුකම් නැති තැන් තියෙනවා. නිරෝධායනය වන තැන් වල අයට කෑම ටිකක් වත් දෙන්න කෙනෙක් නැහැ. බඩු මල්ලක් වත් දෙන්න කෙනෙක් නැහැ. මේ ඇතුළේ බරපතළ ගැටලුවක් තියනවා. රටේ නිෂ්පාදනය වැටුණා කියලා රට වැටෙන්නේ නැහැ. හැබැයි ලෙඩේ පැතිරෙනවා කියන්නේ මිනිසුන් මැරෙනවා කියන එකයි. ඒ නිසා සංචරණ සිමා පැනවීම සමඟ එන්නත්කරණය කරන්න ඕන. ඇතැම් රටවල් මාසතුනක් වැහුවා. සති දෙකක් වහල පෞද්ගලික අංශයේ සේවකයෝ දහස් ගණන් එක තැනට එකතු වෙන එක නැවැත්තුවේ නැති නම් මොකද වෙන්නේ?
5 එන්නත්කරණය ගැන කතා කරන්න දෙයක් නැහැ. බලය තියන මිනිස්සු එන්නත් ගහගෙන ඉවරයි. මේ එන්නත්කරණ වැඩපිළිවෙළ දුෂිත වෙලා තියෙනවා. ලෝකයේ අනෙක් රටවල් එන්නත්කරණය කළේ වයස අනුව, කාණ්ඩ අනුව ,අවදානම අනුවයි. මෙහෙ එහෙම වැඩපිළිවෙලක් නැති නිසා කැමැති අය ගහගන්නවා. ආණඩුවේ ඇමැතිවරුන් තමයි වෛද්‍ය විශේෂඥයන් වෙලා තියෙන්නේ. පිළියන්දල අපි දැක්කා එක කෙනෙක් ක්‍රියා කළ ආකාරය. තවකෙනකු කියනවා එක එන්නතක් ගැහුවත් ඇති කියලා. එක එන්නතක් ගැහුවාම ඇති කියලා අත්සන් ගන්නවා. මේ එන්නත් ප්‍රමාණය කොතරම් ද කියලා කියලා තියෙද්දි ආණ්ඩුවේ අනුදැනුමෙන් මේ දේවල් සිදු කරන්නේ. ආණ්ඩුවට ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එක ගහන්න බැරිවුණ නිසා ඒ චෝදනාවෙන් නිදහස් වෙන්නයි මේක කරන්නේ. නැතිනම් මෙය පුද්ගලික අංශයට ලබා දෙන්න කටයුතු කරන්න හදනවා වෙන්න ඇති. ප්‍රශ්නය තියෙන්නේ එන්නත් වැඩපිළිවෙළ දුෂිතම වැඩපිළිවෙළක් වුණා. සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම මුල සිටම දුෂිතයි. එන්නත් ක්‍රියාවලිය ලෝකයේ වෙනත් රටවල සිදුවුණ ආකාරයට නොවෙයි මේ අය කරන්නේ. කොහෙන් හරි නිකන් ලැබෙන කල් බලන් හිටියා.ඒත් එය ලැබුණේ නැහැ.