කොරෝනා ප්‍රතිකාර පෞද්ගලික අංශයටත් | සිළුමිණ

කොරෝනා ප්‍රතිකාර පෞද්ගලික අංශයටත්

පෞද්ගලික අංශයේ ‍‍රෝහල්වලට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘සිළුමිණ’ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දී ඇති නිර්දේශයන්ට අනුව හෝටල් සංකීර්ණයක් තුළ පෞද්ගලික අංශයේ රෝහල්වලටත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකිවන බව හෙතෙම සඳහන් කරයි. දැනටමත් මේ සඳහා පෞද්ගලික රෝහල් දෙකකින් කැමැත්ත පළ කර ඇති බවත් අවශ්‍ය පහසුකම් සපුරන රෝහල්වලට මෙම අවස්ථාව ලබාදෙන බවත් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටී.

Comments