
2020 වසර යනු සියවස් ගණනාවක් දිගින් දිගට ලොව පුරා මිනිසුන්ගේ මතකයේ රැඳෙන, ඉතිහාස පොත්වල විශේෂයෙන් සටහන්වන වසරකි. මේ වසර උදාවන විට එය මෙපමණ වූ අත්දැකීම් ලොවට තිළිණ කරනු ඇතැයි කිසිවකු විශ්වාස නොකළද එය එසේම විය. මුළු ලෝකයට වසංගතයයකට මුහුණ දුන්නේ මින් පෙර නොවූ විරූ අර්බූද, අභියෝගවලට මුහුණ දෙමිනි. ඒ අතර ඇතැම් මිනිසුන්ට තමන්ට හුරුපුරුදු යුද්ධය අමතක විය. ඒ වෙනුවට වයිරසය සමග සටන් වැදීමට පෙරට පැමිණි සෞඛ්‍ය සේවකයෝ සුව වීරුවෝ බවට පත්වූහ. රටරටවල රාජ්‍ය නායකයෝ තම රටවල ජනතාව වෙනුවෙන් කඳුළු සැලූහ. වසර අවසාන වන විට වයිරසය සාමාන්‍ය අතට පත්වූ අතර අමතකව ගිය යුද්ධ, කැරළි කෝලාහල, මිනිස් ඝාතන, ඡන්ද සටන්, විරෝධතා යළිත් ආරම්භ වනු දක්නට හැකි විය. ඒ සියල්ල අතරින් 2020 වසර පසුකරමින් ලෝකය තම සුපුරුදු ගමන ගියේය. මේ ගෙවී යන්නේ වසරේ අවසන් දින කිහිපයයි. මේ ඒ සුවිශේෂී වසරේ මතක සටහන් අතරට ඔබ කැඳවාගෙන යෑමේ උත්සාහයකි.
ජනවාරි
• 08 - මගීන් 176ක් සමඟ යුක්රේන ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ.
• 11 - තායිවාන ජනාධිපතිනි ට්සායි ඉන්ග් - වෙන් එරට සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57ක් ලබා ගනිමින් යළි ජයග්‍රහණය කරයි.
• 14 - කොලොම්බියාවේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් 10 දෙනෙක් මරා දැමේ.
• 20 - හඳුනානොගත් වයිරසයට මේ වන විට පුද්ගලයන් 139 දෙනෙකු ගොදුරු වී ඇති බව චීනය ප්‍රකාශ කරයි. මියගොස් ඇති සංඛ්‍යාව 3කි.
• - 22 ග්‍රිසිය එරට ප්‍රථම කාන්තා ජනාධිපතිනිය තෝරා පත් කර ගනියි. ඇය කට්රිනා සකෙල්ලාරොපොලොය.
• 24 - දින 100කට වඩා කාලයක් තිස්සේ පවතින විරෝධතා මත ලෙබනනයට නව ආණ්ඩුවක් පත් කෙරේ.
පෙබරවාරි
• 04-ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධි චෝදනා එල්ල කෙරේ.
• 04 - චීනයේ පැතිර යමින් තිබූ නව කොරෝනා වයිරසය ඉන් බාහිර රටවලටද පැතිර යෑම ඇරඹේ. සංචාරක කෲස් නෞකාවලින්ද රෝගීන් වාර්තා වේ. මේ වන විට චීනයේ 20,438ක් වාර්තා වී ඇති අතර ඉන් බැහැරව රෝගීන් 270ක් වාර්තා වී තිබේ.
• 06 - පලස්තීනයේ ජෙරුසෙලෙම් නුවර යළිත් ගැටුම් ඇවිළේ
• 08 - තායිලන්තයේ සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියයයි.
• 29 - ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කෙරේ.
මාර්තු
• 01 - තුර්කියට එල්ල වූ සිරියානු ගුවන් ප්‍රහාරයකින් සෙබළුන් 33ක් මියයයි.
• 15 - කොරෝනා වයිරසය ආසාදිත ප්‍රථම පුද්ගලයා වාර්තා වීමත් සමඟ ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දැමේ. මේ වන විට යුරෝපා රටවල් කිහිපයක්ම ආසාදිතයන් වාර්තා වීම නිසා වසා දමා තිබේ.
• 20 - ඉතාලියේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 600 ඉක්මවයි.
• 22 - ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කල් දැමේ.
අප්‍රේල්
• 02- කොවිඩ් - 19 පැතිර යෑම හේතුවෙන් නිවෙස්වලට කොටුවී සිටින ජනතාව අතර දරුණු ලෙස ගෘහස්ත හිංසනය වාර්තා වන නිසා ඒ සම්බන්ධව දැනුම් දීමට ‘යතුරු වචන’ සම්බන්ධව ජනතාව දැනුම්වත් කෙරේ.
• 09-වසර පහක් තිස්සේ යේමන කැරලිකරුවන් සමඟ පවතින යුද්ධයට සති දෙකක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සෞදි අරාබිය ප්‍රකාශයට පත් කරයි. (කොවිඩ් පැතිර යෑම එසේ කිරීමට හේතුවයි)
• 12-ලොක්ඩවුන් නීති කඩ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය ඉන්දීය පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට මහජනතාවගෙන් ප්‍රහාර එල්ල වේ.
• 15-පැතිර යන කොවිඩ් වයිරසය මනාව පාලනය කරමින් දකුණු කොරියාව මහමැතිවරණය පවත්වයි.
• 18 මහමුහුදේ අතරමංව සිටි රොහින්ග්‍යා සරණාගතයන් 400කට අධික පිරිසක් මැලේසියානු ආරක්ෂක අංශ විසින් බේරා ගැනේ.
මැයි
• 01 - කැනඩාව ගිනිඅවි භාවිතය සඳහා විශේෂ නීති ගෙන එයි.
• 02 - මිය ගිය බවට ලොව පුරා කටකතා පැතිර ගිය උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමට සහභාගී වී සිටින අන්දම එරට රූපවාහිනිය මඟින් විකාශය වේ.
• 05 - කොවිඩ් වයිරසය ආසාදිත වූ රෝගියකු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැරිස් නුවර රෝහල්ගතව සිටි බව ප්‍රංශය තහවුරු කරයි.
• 15 - ගල්ෆ් ඔමාන්හි පැවැත්වෙමින් තිබූ ඉරාන නාවික අභ්‍යාසයකදී සිදුවූ අනතුරකින් 19ක් මියයයි.
• 19 රට වසා දමා ඇති තත්ත්වයක ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව පවසමින් චීලි රටේ සන්තියාගෝ අගනුවර ජනතාව කලහකාරී විරෝධතා පවත්වති.
ජුනි
• 06-කළු ජාතිකයකු පොලීසිය විසින් මරා දැමීම හේතුවෙන් ඇමරිකාව පුරා විරෝධතා පැතිරේ.
• 10-නයිජීරියාවේ බොකෝහරාම් ත්රස්තවාදීන් ගම්වැසියන් 81ක් මරා දමති.
• 12 - ලිබියාවෙන් සමූහ මිනී වළවල් අටක් සොයා ගැනේ.
• 15 - ඉන්දියාව සහ චීනය අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වේ.
• 27 - ඉන්දියාවේ දිල්ලි නගරයට පළඟැටි ප්‍රහාරයක් එල්ල වේ.
• 29 - පකිස්තානයේ කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ.
ජූලි
• 11 - දකුණු අප්‍රිකාවේ කේප් හි පල්ලියකදී සිදූව වෙඩි තැබීමකින් පස් දෙනෙකු මරුට
• 13 - දූෂණ චෝදනා එල්ල වීමත් සමග දකුණු කොරියාවේ සියෝල් අගනුවර නගරාධිපතිවරයා සියදිවි නසා ගනී.
• 18 - ප්‍රංශයේ නන්තාස් දේවස්ථානය ගින්නෙන් දැවේ.
• 25 - නයිජීරියාවේ ආණ්ඩු විරෝධී කැරලිකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් පුද්ගලයන් දොළහකට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ.
• 30 - චීනය මගින් පනවන ලද නව ආරක්ෂක නීතිවලට එරෙහිව දිගින් දිගටම ක්‍රියාත්මක වූ විරෝධතාවලට නායකත්වය දුන් හොංකොං සිසුන් අත්අඩංගුවට ගැනේ
අගෝස්තු
• 03- ස්පාඤ්ඤයේ හිටපු රජු යුවන් කාලෝස් රට හැර යයි. ඔහු නික්ම ගිය ස්ථානය රහසක් බව ප්‍රකාශ වේ.
• 04 - ලෙබනනයේ බීරූට් හි අතිවිශාල පිපිරීමක් වාර්තා වේ. පසුව දැනගන්නට ලැබුණු පරිදි මෙලෙස පිපිරී ගොස් ඇත්තේ වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් තොගයක් බවයි. මියගිය පිරිස 135කි.
• 09 - ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් බෙලරූස්හි ජනතාව විරෝධතා පවත්වති.
• 18 - මාලි රජයේ ජනාධිපති සහ අගමැති එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සඳහා ප්‍රධානතම හේතුව ලෙස ප්‍රකාශ වී ඇත්තේ එරට ජනතාව දිගින් දිගටම ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පැවැත්වීමයි.
• 28 - ජපාන අගමැති ශින්සෝ අබේ ධූරයෙන් ඉවත් වේ. නව අගමැති ලෙස සුගා වැඩ බාර ගනියි.
සැප්තැම්බර්
• 02 - මේසැක් සුළි කුණාටුව උතුරු කොරියාවට හානි පමුණුවයි.
• 16 - මානව හිමිකම් කඩකිරීමට එරෙහිව වෙනෙසියුලානු රජයට දිගින් දිගටම චෝදනා එල්ල වේ.
• 24 - දහස් ගණන් ජනතාවගේ විරෝධතා හමුවේ කලින් ප්‍රකාශයට පත් නොකරන ලද හදිසි උත්සවයක් කැඳවමින් බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් ජනාධිපති ධුරයේ වැඩ බාරගනියි.
• 28 - ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වේ.
• 30 - ටෝගෝ රාජ්‍යය එරට ප්‍රථම කාන්තා අගමැතිනිය තෝරා පත් කර ගනියි.
ඔක්තෝබර්
• 03- කැලිෆෝර්නියාව එරට වාර්ෂික ලැව්ගිනි සමය අරඹයි. අක්කර දහස් ගණනක් ගින්නෙන් දැවේ.
• 03 - කුවේට්හි අධිරාජ්‍යයා ලෙස වසර 14ක් කටයුතු කළ ෂෙයික් සභා අල් - සභා මියයයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 91යි.
• 04- කොවිඩ් වයිරසය යළිත් දරුණු ලෙස පැතිර යන බැවින් යුරෝපා රටවල් කිහිපයක්ම යළිත් වසා දැමේ.
• 16- තායිලන්ත රජුට විරුද්ධව එරට ජනතාව පවත්වන උද්ඝෝෂණ වඩාත් උණුසුම් ස්වභාවයක් ගනී.
• 17 - නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ජසින්ඩා ආර්ඩන්ගේ පක්ෂයට විශිෂ්ට ජයක්.
• 21 - පකිස්තානයට වීසා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් අතර ඇතිවූ තෙරපීමකින් ඇෆ්ගන් වැසියන් 11 දෙනෙකු මියයති.
නොවැම්බර්
• 06 - ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වේ. ප්‍රකාශ වූ ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ජයගන්නා බව පෙනී ගියද ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරයි.
• 08 – බොලීවියාව එරට නව ජනාධිපති ලෙස ලුයිස් ආරේස් තෝරා පත් කර ගනී.
• 23 - ඇමරිකාව අඛණ්ඩව 20වැනි දිනයටත් දෛනික කොවිඩ් ආසාදිතයන් ලක්ෂයක් වාර්තා කරයි.
• 25 - ඉතියෝපියාවේ ටිග්රේ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර ඇතිවු ගැටුම්වලින් 600කට අධික පිරිසක් මියගොස් ඇති බව ප්‍රකාශ වේ.
දෙසැම්බර්
• 02 - කොවිඩ් සඳහා එන්නතකට අවසර දුන් ප්‍රථම රට බවට බ්‍රිතාන්‍ය පත්වේ. ඒ අනුව මේ වන විට සාර්ථක වී ඇති ෆයිසර් සමාගමේ එන්නත බ්‍රිතාන්‍ය ජනතාවට ලබා දීම ආරම්භ වේ.
• 02- රොබෝ තාක්ෂණය යොදාගත් ප්‍රහාරයකින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයකු වනු මොෂේන් ෆාක්රිසාද් මරා දැමේ.
• 14 - ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වේ.
• 19 - නයිජීරියාවේ බොකෝ හරාම් ත්රස්තවාදීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුන් 300කට අධික සංඛ්‍යාවක් නිදහස් කෙරේ.