
ටෙස්ට් ලෝක ශුරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකක ටෙස්ට් තරගමාලාවකට පෙර ශ්‍රී ලංකාව “සියලු පුහුණු අංශ ආවරණය කර ඇති” බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා තිබිණි. සෙනසුරාදා (26) සෙන්චූරියන් හිදී ආරම්භ විමට නියමිතව තිබුණු පළමු ටෙස්ට් තරගයට පෙර තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශකර තිබුණේය. ආතර් එහිදී පවසා තිබුණේ සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග් හි ටෙස්ට් ක්‍රීඩාංගණයේ ඇති තත්ත්වයන් ඩර්බන් සහ පෝර්ට් එලිසබෙත් වලට වඩා වේග පන්දු යවන්නන්ට ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
' සෙන්චූරියන් හි තණතීරුව හොඳ තණතීරුවක්වනු ඇතැයි මම අපේක්ෂා කරනවා." ඊයේ ආරම්භ වූ තරගයට පෙර ඔහු කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත මෙම සටහන ලියූවාට පසු තරගය ඇරඹුණු හෙයින් මේ වනවිට ශ්‍රී ලංකා පිල අත්දකිමින් සිටිනු නිසැකය.
කෙසේ වෙතත්, 2018/19 තරග වාරයේදී දකුණු අප්‍රිකාවේදීම 3-0 ලෙස පරාජයට පත් වූ පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරුවා වූයේ මිකී ආතර්ම බව අමතක නොකළ යුතුය. එම සංචාරයේ ලබාදුන් දකුණු අප්‍රිකානු තණතීරු පිළිබඳව තමාට “කම්පනයක්” ඇති බව ඔහු පසුව පවසා තිබිණි. එම තරගාවලියටද සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග්හි සංවිධානය වූ ටෙස්ට් තරගද ඇතුළත් විය. නමුත් එය එවකට සිටි දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් තම වේග පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය සඳහා උපකාරී වන තණතීරු ඉල්ලා සිටි හෙයින් එවැනි අසාධාරණ තණතීරු සකස්වුණු බවට ප්‍රකාශ විණි.
“අපට මහනුවර, හොඳින් තණකොළ සහිත පෘෂ්ටයන් සහිත තණ තීරුවල පුහුණු වුණා. අපි පුහුණුවේදී සියලු අංශ ආවරණය කළා. අපගේ 21 ක් මෙහි ඉන්නවා. ඒ අපි කෙලින්ම ආපසු එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමට යන නිසා. "අපට හොඳ වේග පන්දු යැවීමේ සහ හොඳ දඟ පන්දු යැවීමේ අංශයක් තිබෙනවා. අපේ හොඳම පිතිකරුවන් හය දෙනාට පවතින තත්ත්වයන් පාලනය කළ හැකි බව මට විශ්වාසයි." ඔහු පවසා තිබේ. කෙසේ නමුත් එංගලන්තය ආශ්‍රිතව වාර්තාවී ඇති නව කොරෝනා වයිරසය ඇතැම්විට එංගලන්ත, ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අවලංගු කරන්නේද යන්න ගැන තවමත් කිසිවක් කිව නොහැකිය.










