චීනය සමඟ ‘ පිංපොං සටනට’ පොම්පියෝ ලංකාවට ඇවිත් | සිළුමිණ

චීනය සමඟ ‘ පිංපොං සටනට’ පොම්පියෝ ලංකාවට ඇවිත්

අභයාරාමයට ගිය සජිත්ට නායක හාමුදුරුවන් කියපු දේ

 

"චීනය අපට උදව් කළාටණය උගුලකට අහු වුණේ නැහැ" - ජනපති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි

20 හා පොම්පියෝ අතර සහසම්බන්ධයක් ගැන ජවිපෙ හෙළි කරයි

තරු පහේ හෝටලයක තට්ටුවක් පුරා අමෙරිකන් බොඩි ගාඩ්ලා

දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉකුත් බාදාදා ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඔහුට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් මෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කිරීමට රජය පියවරගෙන තිබිණි.

 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු හතළිස් පහක දූත පිරිසක් මෙලෙස දිවයිනට පැමිණියේය. ඇමෙරිකාවට අයත් බෝයිං 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි මේ පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණි. ඉකුත් බදාදා රාත්‍රී 7.35ට පමණ විදේශිකයන් රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මිණියේය.

මයික් පොම්පියෝ ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකානුවෙකි. ඔහු MCC හි සභාපතිවරයා වන අතර කාලයක් තිස්සේ ඇමෙරිකානු බුද්ධි අංශවල උපදේශකයකු මෙන්ම බුද්ධි නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවැසේ.

රටවල් අතර සම්බන්ධතා ගොඩනැඟීමට ඔහු සතු සුවිශේෂි හැකියාව පිළිබඳව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබිණි.

යහපාලන රජය පැවැති සමයේ ඇමෙරිකාව MCC ගිවිසුම අස්සන් කිරීමට යන බව පවසමින් එවකට විපක්ෂයේ සිටි බො‍හෝ පිරිසක් සටන් පාඨ කියමින් නොයෙක් විරෝධතා දැක්වුවද අද එවැනි අද එවැනි පිරිසක් රජයේ නැති බව නායක භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම ප්‍රකාශ කළහ.

 

ජවිපෙ නායකයන්ගෙන් දැඩි විරෝධතා ක්‍රියාමාර්ග

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයෝ වහාම මයික් පොම්පියෝගේ චාරිකාව පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡාවක් සිදු කළහ.

"අපි වහාම මෙයට විරුද්ධව උද්ඝෝෂණයක් සිදු කළ යුතුයි." විජිත හේරත් මන්ත්‍රීවරයා පැවැසුවේය.

"කොරෝනා වසංගතය නිසා අපට මේක ශ්‍රී ලංකාව පුරාම කරන්න බැරි වුණත් කොළඹදී හෝ පැවැත්විය යුතුයි." ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

"හරි අපි මේ උද්ඝෝෂණය සෞඛ්‍ය නීති පිළිපදිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වමු." නායක අනුර කුමාර දිසානායක කතාවට සම්බන්ධ වෙමින් පැවැසීය.

ඉකුත් 27 වැනිදා පෙරවරුවේ පැවැති මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන විජිත හේරත්, බිමල් රත්නායක මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මෙහිදී සඳහන් කළේ, "ඇමෙරිකාවේ උවමනාව ආසියානු කලාපයේ නිදහස් කලාපයක් ගොඩනැඟීමට. අද ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකාවේ බල උවමනාව ඉටුකරමින් සිටිනවා" යනුවෙනි.

"මයික් පොම්පියෝ ලංකාවට එද්දී රටේ මයික් පොම්පියෝ ටික කට වහගෙන ඉන්නවා. ඇමෙරිකාව සූදානම් වෙන්නෙ ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව, ලංකාව යන රටවල් සමඟ ආර්ථික හා ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්න."

"20 සම්මත වූ දිනට පසු දින තමයි පොම්පියෝ ශ්‍රී ලංකාවට එන බව නිල වශයෙන් තහවුරු කළේ. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තිබෙන බව ඉතා පැහැදිලියි."

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී මීට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝගේ සංචාරය තුළ එම්.සී.සී., සොෆා වැනි ගිවිසුම් ශ්‍රී ලංකාව විසින් අස්සන් තැබිය යුතු බව තර්ජනය කර සිටියේ ද? රට හමුවේ නොතබන ලද වෙනත් රහසිගත ගිවිසුම් අස්සන් කිරීමට නියමිත ද යන්න ජනතාවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, මල්වානේ චන්දරතන හා කපුගොල්ලාගම ආනන්ද යන හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත ඉකුත් 27 වැනිදා ලිපියක් යවමින් ඉල්ලීමක් කර සිටියහ.

රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට පෙර ඔහුගේ අවශ්‍යතාවන් වෙනුවෙන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් (C130) ඉකුත් සතියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබිණි.

කොළඹ තරු පහේ හෝටලයක මහලයක් සම්පූර්ණයෙන්ම මෙම දූත පිරිසට වෙන් කර තිබූ අතර ඒ සඳහා ප්‍රභූ ආරක්ෂකයන් රඳවා තිබුණේ ඕනෑම හදිසි අවස්ථාවක ඔහුව එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට හැකි වන අයුරින්ය. ඉකුත් 28 වැනිදා මෙම දූත පිරිස ජනාධිපතිවරයා හමු විය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දේශපාලන හා සිවිල් සංවිධානවලින් මතු වූ විරෝධතා සමඟ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ටද කාර්යබහුල දින කීපයක් විය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට ආරාධනා කර තිබුණේද විදේශ අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනයන්ය.

වමේ දේශපාලන සගයින්ගෙන්ද අමාත්‍යවරයාට නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කෙරිණි.

පොම්පියෝ පැමිණීමට දින දෙකකට කලින් අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශයට පැමිණියේ පොම්පියෝ සමඟ පවත්වන ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ යුතු කරුණු ගැන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටය. නිලධාරීන් ද ඊට සූදානම්ව සිටියේ අවශ්‍ය කරුණු ද සූදානම් කරගෙනය. "පොම්පියෝ එක්ක ගිවිසුම් අස්සන් කරනවා කියල රටේ වැරදි මතයක් ගොඩනඟන්න සමහරු උත්සහ කරනවා." සාකච්ඡාව ආරම්භයේදීම අමාත්‍යවරයා කීවේය.

"ඒක තමයි සර් අපේ යහළුවොත් ඒ ගැන අපෙන් අහනවා. මම නම් ඒ අයට කීවේ මනමාලි ගැන කතා නොකර අපි දෑවැද්ද ගැන කතා කරනවා කියලයි." එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීවේ සියල්ලන්ම සිනාගන්වමින්ය. "මගේ දේශපාලන පරම්පරාවේ කිසිම කෙනෙක් රට ජාතිය පාවා දීල නෑ. මටත් මොන දේ නැති වුණත් රටේ ස්වාධීන ස්වෛරී නිදහසට විරුද්ධව කතා කරන්න බෑ. අපි කෙලින්ම කියන්න ඕනෑ අපි නිදහස් නිවහල් ජාතියක් බව. අනෙක ඇමරිකානුවන් අපිට අතීතයේදී උදවු කරල තියෙනවා. හෙන්රි ඕල්කට්තුමා වැනි අයගේ ලංකා සේවාව ගැනත් පොම්පියෝට අපි මතක් කරල දෙන්න ඕන. අනවශ්‍ය බලපෑම් නොකර අපිට අපේ රට ගොඩනගන්න උදව් කරන්න කියල අපි ඉල්ලමු." ඇමතිවරයා තම කතාවට එකතු විය යුතු දේ ගැන නිලධාරීන්ට කීවේය.

පොම්පියෝ පැමිණීමට පෙර දින උදේ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලැබිණි. අමාත්‍යවරයා උත්තර දුන් ආකාරය අනුව ඒ ඇමතුම භික්ෂූන් වහන්සේ නමකගෙන් බව පැහැදිලිය. "අපේ හාමුදුරුවනේ පොම්පියෝ එන්නෙ අපේ ආරාධනාවකට තමයි. රටක නායකයෙක් අපිට කිව්වොත් එයා අපේ රටට එන්න කැමත්තෙන් ඉන්නවා කියල රාජ්‍යතාන්ත්‍රිකව අපේ යුතුකම තමයි එයාට එන්න කියල ආරාධනා කරන එක. මම ඒක කළේ විදේශ අමාත්‍යවරයා හැටියටයි." හාමුදුරුවෝ යමක් කී පසු නැවත අමාත්‍යවරයා කීවේ, "හාමුදුරුවෝ දන්නවානෙ මගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන. නමුත් මම එහෙම කරන්නෙත් නෑ; කරන්ටත් බෑ. මම මගේ රට ජාතිය පාවා දෙන වැඩ කරන්නේ නෑ. දේශපාලන කුහකකමට මට කවුරු මොනවා කීවත් පොම්පියෝ ආවට පස්සේ එයා ඉදිරිපිටම අපි ස්වාධීන ජාතියක් කියල මම කියනවා. එහෙම කියන්න අපිට අයිතියක් තියෙනවානෙ හාමුදුරුවනේ" දිනේෂ් අමාත්‍යවරයා කීවේය.

 

බන්දුලගෙන් අඩු මිලට මුව ආවරණ හා විෂබීජ නාශක

කවුරු කවුරුත් දන්න විදිහට ඇමති බන්දුල කියන්නෙ හැම වෙලාවකම අලුතින් දෙයක් කරලා රටේ සම්පත් හරි හරියට දියුණු කරන්න දඟලන චරිතයක්නෙ. මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන තමයි. මීට දින කීපයකට කලින් ඔන්න අපේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන Face mask ලංකාවෙම නිෂ්පාදනය කරලා ගාණත් අඩුවෙන් වෙළෙඳපොළට දාපු ඇමති බන්දුල ගිය සතියෙ ඒ mask වලට SLS තත්ත්ව සහතිකයත් අරගෙන කියලා ඊයෙ තිබුණ මාධ්‍ය හමුවකදි සතුටින් මාධ්‍ය සගයන්ට කීවේය.

හොඳම දේ අඩුම මිලට රටේ දේ රටටම දෙන්න. කරන්න පුළුවන් හැමදේම කරන අපේ වෙළෙඳ ඇමති තවත් ඇමතිලා කීපදෙනෙක් එක්ක එකතුවෙලා අලුත් දෙයක් රටට දෙන ගමන් තමයි මේ කතාවත් කිව්වෙ. මුහුණු ආවරණත් හදලා දුන්නට පස්සෙ දැන් එන අලුත් දේ තමයි විෂබීජ නාශක දියරය. වෙළෙඳපොළේ තියෙන විෂබීජ නාශක දියරවලට වඩා සියයට පනහක් විතර මිල අඩුවෙන් රටේ මහජනතාවට ලබා ගන්න පුළුවන්.

ඇමති බන්දුල එක්ක එකතු වුණ රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, චන්න ජයසුමන වගේම වෛද්‍ය සීතා අරඹේපොළ යන පිරිසත් හරි හරියට මේ කටයුත්තට කැපවුණා කියලත් ඇමති බන්දුල මාධ්‍යයට පැවැසීය. ඒ වගේම විශේෂ ස්තුතියක් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත පිරිනමන ගමන් ඇමති බන්දුල කීවේ රාජ්‍ය අංශයේ දායකත්වයෙන් රටේ අවශ්‍යතා රට තුළම නිෂ්පාදනය කරගෙන රාජ්‍ය අංශයෙන්ම වෙළෙඳපොළත් හදලා රටේ මහජනතාවට හොඳම දේ අඩුම මිලට ලබා දෙන බවයි.

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් යයි පසුගිය දා ලංකාවට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ කියා සිටියේය.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගත්හ.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය‍‍‍. සංචාරක ව්‍යාපාරය, රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල් වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

"විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න," ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිතුමා එය මධ්‍යහස්ථ භාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සෙසු රාජ්‍යයන් සමඟ පවත්වාගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව එතුමා කීය.

ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසි විටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිතුමා කියා සිටියේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමෙරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහාය වීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අ‍මෙරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති රාජපක්ෂ මහතා කීය.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමටද දෙපාර්ශ්වය එකඟ වූහ‍‍.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහු එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය නියෝජිතයාගේ පැමිණීම සම්බන්ධව විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ සමඟි ජන බලවේගය ජනතාව අතර රජය අප්‍රසාදයට ලක්කරන බව කතාබහට ලක්වූයේ ඉකුත් සඳුදා පැවැති කැබිනට් හමුවේදීය. සෝෆා සහ එම්සීසී ගිවිසුමට රජය සූදානම් වන බව විපක්ෂය ප්‍රචාරය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු විය.

"අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණියාට අපි මේ රටට එරෙහිව කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නෙ නැහැ" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් හමුව අමතමින් කීවේය.

"මේ අය බොරු බේගල් බාමින් ජනතාව නොමඟ යවන්න කටයුතු කරනවා. හැබැයි ජනතාව හොඳටම දන්නවා අපි මේ රටට කිසිදු හානියක් වන තීරණයක් නොගන්නා බව. අපෙන් කිසිම අහිතකර කිසිම දෙයක් වෙන්නෙ නැහැ." අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය.

එහිදී ජනාධිපතිවරයා පවතින තත්ත්වය පිළිබඳව විස්තර කළේය.

"මේ වන විට කොරෝනා රැල්ල පාලනය කරගන්න කටයුතු කරනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විශාල කැපකිරීමක් කරනවා. මේ පැතිරිලා තියෙන පොකුරු කිහිපය ඉක්මනින් නවත්වාගන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නෙ."

 

ප්‍රසන්නගේ ඉල්ලීමට ගම්පහ ඉතිරි අයටත් 5000?

කැබිනට් රැස්වීම අවසන් වනවාත් සමඟ ඒ අසලට ගිය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දුටු ජනාධිපතිවරයා, "මොකද ප්‍රසන්න හොර ගල් අහුලන්නෙ" යැයි ඇසුවේ සිනාසෙමිනි.

"නෑ සර්... ගම්පහ 8000කට විතර 5000 දීලා ඉවරයි. තව ටික දෙනෙකුට දෙන්න තියෙනවා" යැයි ප්‍රසන්න කීවේය. "හරි හරි... මම ඒ ගැන බලන්නම්." ජනාධිපතිවරයා කීවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය මුළුල්ලේම විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ බැහැදැකීමට (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය.

ආගමික පුනර්ජීවනය උදෙසා සජිත්ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද "සසුනට අරුණ" ව්‍යාපෘතිය පිළිබඳව නාහිමිපාණන්වහන්සේව දැනුම්වත් කිරීමටද සජිත් කටයුතු කළ අතර එම වැඩසටහන හරහා සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන්වහන්සේ විසින් පළ කරනු ලැබීය. මේ අතර රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන්වහන්සේ මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා නාහිමිපාණන්වහන්සේව දැනුම්වත් කරනු ලැබීය.

කොරෝනා උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ජනජීවිත නැංවීම පිළිබඳවද, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හටගෙන ඇති ව්‍යාකූලත්වයද ඒ මහතා නාහිමිපාණන්වහන්සේගේ අවධානයට යොමු කරනු ලැබීය.

"යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමේ වැදගත්කම මම ආණ්ඩුවේ අවධානයට යොමු කළා" සජිත් කී විට තමන්වහන්සේ එය දුටු බව කීය.

"විපක්ෂ නායකයා ලෙස ඔබතුමා ගෙන එන සියලු ජනතාවාදි කටයුතු උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව ආශිර්වාද කරන බවත් එහිදී පුද්ගල සාධක හෝ දේශපාලනය ඉවහල් වෙන්නේ නෑ" මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ පැවසූහ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳවද සිහිපත් කළ උන්වහන්සේ එතුමාගේ අඩිපාරේ යමින් රට වෙනුවෙන් සේවය කරන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කළහ.

අමෙරිකාවේ පොම්පියෝ මහතාගේ පැමිණීම පිළිබඳව රටපුරා අවධානය යොමුවී තිබෙන අතරේ සජිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් ආණ්ඩුවෙන් සිදු කළේය.

"පොම්පියෝ මහතා ලංකාවට එනවා. මේ වෙනකොටත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා තිබෙන ඇමෙරිකානු සංචාරක තහනම ඉවත් කරන්න එතුමන්ලා එක්ක කතා කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා"

 

ඩයනා කියනවා පක්ෂය එයාගේ කියලා

 

සමගි ජනබලවේගයේ අයිතිය කාටද කියා සමහරු තුළ පසුගිය දිනවල විවිධාකාර කටකතා ප්‍රචාරය විය.

"සර්, ඩයනා කියනවා පක්ෂය එයාගේ කියලා." එහෙම කීවේ හේෂා ය. "ගියපු අය නෙරපන්න සර් තීන්දු කරපු එක නියමයි. පනින ගෙම්බොන්ට එහෙම තමයි කරන්න ඕන" චමින්ද විජේසිරි කීවේය.

"ඒ විතරක් නෙවේ, අපි ගැනත් එක එක කටකතා යවනවා."මයන්ත ද කතාබහට එක්විය.

"ඔය එක එක්කනා කියන කතාවලට උත්තර දෙන්න අවශ්‍ය නෑ.ඒ අය ඔය බොරු කරේ තියාගෙන වටේම ගියපුදෙන්.නමුත් එයාලට අන්තිමට ඉතිරිවෙන්නේ බොරුවක් අරගෙන වටේ දුවපු මහන්සිය විතරයි."සජිත් කීවේය.

 

Comments