චීන­යෙන් බල­ශක්ති උත්පා­ද­න­යට කෘත්‍රිම ඉරක් | Page 2 | සිළුමිණ

චීන­යෙන් බල­ශක්ති උත්පා­ද­න­යට කෘත්‍රිම ඉරක්

විද්‍යා­ඥ­යන් පවසා ඇති අනා­වැකි අනුව පෘථි­වියේ ෆොසිල ඉන්ධන අව­සන් වීමට තවත් වැඩි කාල­යක් ඉති­රිව නැත. එමෙන්ම ෆොසිල ඉන්ධන පෘථි­වියේ උෂ්ණ­ත්වය ඉහළ දැමී­ම­ටද බෙහෙ­වින් බල­පෑම් කරන බව තහ­වු­රුය. එබැ­වින් මිනිසා විකල්ප බල­ශක්ති කෙරෙහි විතැ­න්වීම අරඹා දැන් ටික කාල­යක් ගතවී තිබේ. විකල්ප බල­ශක්ති යනු­වෙන් මිනිසා හඳු­නා­ගෙන ඇති ප්‍රධාන ශක්ති ප්‍රභව කිහි­ප­යකි. ඒ අත­රින් සූර්ය බල­ශ­ක්ති­යට හිමි­වන්නේ ප්‍රධාන තැනකි. 

අපේ රටේ වුවද සූර්ය බල­ශ­ක්තිය ජන­තාව අතර ජන­ප්‍රිය කර­වී­මට විවිධ උත්සා­හ­යන් ගෙන තිබේ. සූර්ය බල­ශ­ක්තිය මගින් සිදු­වන්නේ සූර්ය­යා­ගෙන් ලැබෙන ප්‍රබල ආලෝ­කය ශක්තිය බවට පරි­ව­ර්ත­නය කිරී­මයි. එහෙත් සූර්ය­යාගේ ආලෝ­කය පෘථි­වියේ සෑම තැන­ටම එක­ලෙස ප්‍රබලව නොලැ­බෙන අතර කාල­ගුණ තත්ත්ව­යන් අනු­වද ආලෝ­කයේ ප්‍රබ­ල­තාව වෙනස් වේ.   

මේ හේතු මත සූර්ය බල­ශ­ක්තිය මත යැපෙ­මින් තම ආයෝ­ජන සිදු­කි­රී­මට බොහෝ දෙනා අක­මැත්ත දක්වති. එහෙත් සූර්ය බලය වැනි පරි­සර හිත­කාමී බල­ශ­ක්ති­යක් පරි­භෝ­ජ­නය කිරී­ම­ටත්, එහි බල­ශ­ක්තිය සැමදා එකසේ බලා ගැනී­ම­ටත් උප­ක්‍ර­ම­යක් චීනය විසින් අත්­හදා බැලී­මට ලක් කර තිබේ. එහිදී චීනය සිදු­කර ඇත්තේ තම විද්‍යා­ගාර තුළ කෘත්‍රිම සූර්ය­යෙක් හෙවත් කෘත්‍රිම තරු­වක් නිර්මා­ණය කිරී­මයි. මෙහි විශේ­ෂ­ත්වය වී ඇත්තේ මේ කෘත්‍රිම තරුව සුර්ය­යා­ටත් වඩා හය­ගු­ණ­යක් උෂ්ණ­ත්ව­ය­කින් යුක්ත වීමයි. මෙහි මතු­පිට උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක මිලි­යන සිය­යක් බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.   

චීනය මේ කෘත්‍රිම තරුව නම් කර ඇත්තේ EAST (Experimental Advanced Superconducting Tokamak) යනු­වෙනි. මේ කෘත්‍රිම තරුව මත අධික උෂ්ණ­ත්ව­යක් ඇති කිරී­මට චීන විද්‍යා­ඥ­යන් භාවිත කර ඇත්තේ පර­මාණු පද­නම් වූ ක්‍රම­වේ­ද­යකි. මෙහිලා යොදා­ගෙන ඇති ක්‍රම­වේ­දය ඉතා­මත් සරල ලෙස විස්තර කරන්නේ නම් මෙසේ පැව­සිය හැකිය. සැහැල්ලු පර­මාණු දෙකක් එකි­නෙක සම්බන්ධ කර එකක් බවට පත් කිරීම ප්‍රථ­ම­යෙන්ම සිදු­කෙරේ. මෙම ක්‍රියාව සිදු­වන අතර පර­මාණු දෙකෙන් වඩා විශාල පර­මා­ණුව ශක්තිය නිකුත් කරයි. බලය උත්පා­ද­නය කිරී­මට යොදා­ගන්නේ මේ ක්‍රම­වේ­ද­යයි. මෙය බැලූ බැල්මට සරල ලෙස පෙනු­නද ප්‍රායෝ­ගික තල­යේදී මෙය එත­රම් පහසු නොවන බව විද්‍යා­ඥ­යන් පෙන්වා දී තිබේ. එයට හේතුව මේ පර­මාණු දෙකම ධනා­ත්මක බලය හුව­මාරු කර ගැනීම හේතු­වෙනි. විද්‍යා­ඥ­යන් පව­සන්නේ මෙය සැබ­වින්ම කාන්දම් දෙකක එකි­නෙ­කට විරුද්ධ අග්‍ර දෙකක් සම­පාත කිරී­ම­කට සමාන වන බවයි. එකි­නෙක සම්බ­න්ධව කර­වන පර­මාණු දෙක එකි­නෙක වික­ර්ෂ­ණ­යද කරයි.   

අපේ සුර්යා වැනි විශාල තරු­ව­ලට මේ වික­ර්ෂ­ණය ජය­ගැ­නීමේ ශක්තිය තිබේ. එසේ කිරී­මට හැකි­යාව ලැබී තිබෙන්නේ සූර්ය­යාගේ විශා­ල­ත්වය හේතු­වෙනි. සූර්ය­යාගේ අති දැවැ­න්තව බව හේතු­වෙන් එහි හරයේ විශාල පීඩ­න­යක් නිර­න්ත­ර­යෙන් පවතී. එම පීඩ­නය හේතු­වෙන් හරයේ ඇති පර­මාණු නිතර එකි­නෙක ගැටෙ­මින් පවතී. බල­ශ­ක්තිය ලබා ගැනී­මට තරු­වක් නිෂ්පා­ද­නය කිරීමේ පිය­ව­රේදී විද්‍යා­ඥ­යන් මුහුණ දුන් ප්‍රධා­න­තම ගැට­ලුව වූයේ මෙවැනි අති විශාල පීඩ­න­යක් පෘථි­විය මත ඇති කිරී­මට නොහැකි වීමයි. එහෙත් මේ ගැට­ලු­වට මුහුණ දීමේදී විද්‍යා­ඥ­යන් ඒකී විය­ල­නය පෘථි­විය මත ඇති කිරී­මට ඉතා දැඩි උෂ්ණ­ත්වය උප­යෝගී කර ගත්හ. මීට පෙර සඳ­හන් කළ EAST නම් වන උප­ක­ර­ණය මගින් ඔවුන් සිදු කරන්නේ එකී උෂ්ණ­ත්වය ඇති කිරී­මය.   

මේ උප­ක­ර­ණය නිප­ද­වීමේ ක්‍රියා­ව­ලි­යේදී විද්‍යා­ඥ­යන් අව­බෝධ කර ගත්තේ උෂ්ණ­ත්වය වඩාත් වැඩි නම් පර­මාණු වඩා වැඩි වේග­යෙන් චල­නය වන බවයි. එමෙන්ම ප්‍රමා­ණ­වත් උෂ්ණ­ත්ව­යක් නොමැති නම් පර­මාණු අවශ්‍ය ප්‍රමා­ණ­යෙන් චල­නය වන්නේ නැත. එහිදී තහ­වුරු වූයේ සෙල්සි­යස් අංශක මිලි­යන 100 යනු පර­මාණු අවශ්‍ය අන්ද­මට චල­නය කර ගැනීම සඳහා වන නියම උෂ්ණ­ත්වය බවයි. එම උෂ්ණ­ත්වය හිරුගේ මතු­පිට උෂ්ණ­ත්වය මෙන් හය ගුණ­යකි.   

චීනය දැනට ලබා දී ඇති තොර­තුරු අනුව මේ නව­තම බල­ශක්ති උත්පා­ද­කය ක්‍රියා­ත්මක තල­යට ගෙන ඒම සඳහා ඉදි­රි­යට තැබිය යුතු වන්නේ තවත් පිය­වර කිහි­ප­යක් පමණි. එයින් පසු මිනි­සාට ක්ෂය නොවන, පරි­ස­රය දූෂ­ණය නොවන තිර­සාර නව­තම බල­ශක්ති මූල­යක් හිමි­වනු ඇත. එහෙත් තවම මේ බල­ශක්ති මූලා­ශ්‍රය ආර­ම්භක පිය­වරේ පව­තින බවද අම­තක කළ යුතු නැත.   

දැනට මේ යන් ත්‍ර යේ ආර­ම්භක පිය­වර ලෙස නිප­දවා ඇති යන්ත්‍රය අඩි කිහි­ප­යක් දිග ආද­ර්ශ­ක­යක් පම­ණක් වේ. මෙහි අව­සන් පර්යේ­ෂ­ණ­ය­න්ගෙන් පසු බලා­ගාර මට්ට­ටමේ දැවැන්ත බල­ශක්ති උත්පා­දක යන්ත්‍ර නිප­ද­වී­මට කට­යුතු කළ යුතු වනු ඇත. ඒ අදි­ය­ර­යන් සාර්ථක වුව­හොත් මිනිස් වර්ගයා ශිෂ්ටා­චා­රයේ තවත් පිය­ව­රක් ඉදි­රි­යට තැබූ බව නිශ්චි­තව සට­හන් කළ හැකි වනු ඇත.

Comments