
09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන බවය.
සෑම පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම සිදුකරන අතර මීට පෙර එය සිදුකරනු ලැබුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා වුව ද රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.
අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙවර පාර්ලිමේන්තුව රැස්වීමේ දී මන්ත්‍රීවරුන් විශේෂ මාර්ගෝපදේශන පිළිපැදිය යුතු බවද ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.