
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට පත්වී අවසන්.
ඒ අනුව සියලු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 344458ක්.
සමගි ජන බලවේගය ඡන්ද 119788ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24492ක් ලබාගත්තේය.
එක්සත් ජාතික පක්ෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇත්තේ ඡන්ද 8254ක් පමණයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 637176ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 542371ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35469ක්.
වලංගු ඡන්ද සංඛ්‍යාව 506902ක්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව පෙරමුණ ගෙන ඇත්තේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
පොදුජන පෙරමුණට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 36226ක්.
සමගි ජන බලවේගය ඡන්ද 9184ක් ලබාගත්තේය.
ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 3768ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත්තේ 1636ක් පමණයි.