
නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවය.
මේ අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක දෙවන පිටපතක් භාගත කර ගත හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
කෙසේවුවද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුව ද ලියාපදිංචි ඡන්ද දායකයින්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ.