
කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වූ සමයේ කල් ඉකුත් වූ රියදුරු බලපත‍්‍ර හිමියන්ගේ රියදුරු බලපත‍්‍ර, වලංගු හැඳුනුම්පතක් ලෙස සලකා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩ ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව කෝවිඩ් වසංගතය හේතුකොට මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් එවැනි බලපත‍්‍ර වලංගු කරගැනීමට දී ඇති සහන කාලය ඉකුත් වී නැති රියදුරු බලපත‍්‍ර ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ලෙස සලකා කි‍්‍රයා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මාර්තු මස සිට ජුනි මාසය දක්වා කාලය ඉකුත් වන රියදුරු බලපත‍්‍ර සඳහා මාස 06 ක සහ ජුනිි මස සිට සැප්තැම්බර් දක්වා කාලය ඉකුත් වන රියදුරු බලපත‍්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.