
කොවිඩ් - 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
ඒ අනුව, 2020.07.13 න් පසු ලෙබනනයට පැමිණෙන මගීන්ට PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔහු/ඇය ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවති සිටිය යුතු වේ.
ඒ සඳහා හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතුය. එබැවින්, PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24 ක් හෝටලයක රැදී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බව දන්වා සිටියි.
PCR පරීක්ෂණය ධනාත්මක නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර, ඒ සඳහා ද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවත් ද වැඩිදුරටත් දන්වා සිටියි.