
මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගලගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම් සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ චෝදනා සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
ඒ අනුව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි.
ප්‍රශ්නකිරීම්වලින් පසු ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.