
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලට අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 -50 දක්වා තද සුළං ඇති විය හැකි වේ.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තද සුළංවලින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.