ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තද වැසි | සිළුමිණ

ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහත පරිදි දැක්වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ඌව සහ නැගෙනහිරපළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments