
අගෝස්තු 5 වැනිදාට ඡන්දය දීමට සියලු පහසුකම් හා සෞඛ්‍ය ආරක්ෂාව සපයා ඇති බවත් මෙරට සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් බවට ඡන්ද පොළ සකස් කරන බවත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ඡන්දය දැමීමට එන සෑම පුද්ගලයකුම විෂබීජ නාශක මිලිලීටර් 15 කින් තෙවරක් විෂබීජ හරණයට ලක් කරන බවත් ඡන්දයට අදාළ ඡන්ද මධ්‍යස්ථාන, උපකරණ යනාදිය කිහිප වරක් විෂබීජ හරණය කරන බවත් ඒ අනුව ඡන්දය දීමට පැමිණීම නිසා කොරෝනා රෝගයෙන් තර්ජනයක් ඇතිවීමට කිසිම ඉඩක් නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියයි. නාම යෝජනා දීමෙන් පසුව මොන පක්ෂයේ කුමන තරාතිරමේ පුද්ගලයකු ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළත් ඉන් වැඩක් වන්නේ නැති බවත් ඒ සියලු දෙනාගේ නම් නාම යෝජනා ඉදිරිපත් කළ පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ හා මැතිවරණයට අදාළ ගැසට් පත්‍රයේ අන්තර්ගතව ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා කියයි.