
ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, ඔවුන්ට එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ පොලී මුදල් අය නොකිරීමට හා විදුලි විසන්ධි කිරීම් නොකිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත්ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
විදුලි පාරිභෝගිකයන්ගේ ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් දිය හැකි තවත් සහන පිළිබඳ ලබන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කීවේය.