පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයට අනුව උතුරු, නැගෙනහිරසහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

තව ද බස්නාහිර සහ සබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට 50 mm ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව ද එහි සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Comments