තැපැල් ඡන්ද දින තීරණය කරන්න කොමිසම රැස් වේ | සිළුමිණ

තැපැල් ඡන්ද දින තීරණය කරන්න කොමිසම රැස් වේ

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද (16) රාජගිරිය හි පිහිටි එම කොමිසමේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

එම සාකච්ඡාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පාලනය කිරීම, සෞඛ්‍යය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන් අනිවාර්යෙන් පෑනක් රැගෙන ආයුතු බවට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය කීය.

Comments