
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මුහුදේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් 270 දෙනෙකු පමණ මැලේසියානු බලධාරීන් විසින් බේරා ගනු ලැබ තිබේ.
ඔවුන්ට මෙම තත්ත්වය උදාවී ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රටවල් වසා දැමීම හේතුවෙනි.
මෙම පිරිස බංග්ලාදේශයේ දකුණු කලාපයෙන් පළාගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. lockdown නීති පැවතීම නිසා එවක් පටන් මෙම බෝට්ටුවට ගොඩබිමකට ළගාවීමට නොහැකි වී ඇත.
පසුගිය සඳුදා මැලේසියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් මෙම බෝට්ටුවට ළඟා වනවාත් සමග ම එහි සිටි ඇතැම් අය මුහුදට පැන ගොඩබිම දෙසට පීනන්නට පටන්ගෙන තිබිණි.
මෙම සරණාගතයන් යාත්‍රා කරමින් සිටි ට්‍රෝලර් බෝට්ටුව ඒ වන විට ක්‍රියාවිරහිත වී මුහුදේ පාවෙමින් තිබී ඇත.
මියන්මාරයේ ජීවත්වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් විශාල පිරිසක් පසුගිය වසර කිහිපය තුළදී මියන්මාරය අතහැර පලා ගියහ.
එසේ පලා යන්නන්ගෙන් බොහෝ පිරිසක් අසල්වාසී බංග්ලාදේශයට ඇතුළු වන අතර එරට Cox's Bazar ප්‍රදේශයේ පවතින සරණාගත කඳවුරුවල මේ වන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මිලියනයක් පමණ වාසය කරති