
තවත් නාවික හමුදා සාමාජිකයින් 35 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ ගණන 488 ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර සඳහන් කළේය.
මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 368 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 856 කි.