
ගාල්ල සිට කොළඹ හා කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සුළඟේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
දිවයින වටා යන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.
නාවික හා ධීවර ප්‍රජාවට මේ ගැන අවධානම යොමු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.