
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
දොමේපේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව දොම්පේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිශ්පාදනාගාරයක් වැටලීමට දොම්පේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඊයේ(31) සමත් විය.
කුලී පදනම මත ලබාගත් නිවසක මෙලෙස මත්පැන් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව බස්නාහිර පාළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලු දෙනා පොලීසියේ ලියා පදිංචි විය යුතු බවයි.
ජාතික ආරක්ෂාවට පවා මෙයින් යහපතක් විය හැකි බැවින් මෙම වැඩිපිළිවෙල ක්‍රියාත්මක කරන බවද තෙන්නකෝන් ඔහු පැවසීය.