සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට | සිළුමිණ

සියළු ගුවන් මගීන් PCR පරීක්ෂාවට

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියළු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ.

ඒ සදහා පි.සී.ආර් පරික්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළේ කඩිනමින් ස්ථාපනය කිරීමට නියමිතය.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඊයේ (28) සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි , යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය, ගුවන් තොටුපළ හා ආරක්ෂක අංශ නිළධාරීන් සමග කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

කටුනායක ගුවන් තොටුපළින් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාධිතයෙකු දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කළහ.

Comments