CovID-19 - ලංකාව 100 වන ස්ථානයේ | සිළුමිණ

CovID-19 - ලංකාව 100 වන ස්ථානයේ

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් 100 වන ස්ථානයට පත්ව තිබේ.

ඒ රටවල් සහ කලාප 215ක් අතුරින්.

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත අනුව ශ්‍රී ලංකාව මෙලෙස 100 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං රාජ්‍ය, වෙනිසියුලාව, සයිප්‍රස්, ඉතියෝපියාව, මැඩගස්කරය, ජැමෙයිකාව වැනි රටවල් පසු කරමින්.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1182ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 99,805 ක් වන අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව මිලියන 1.7ක්.

අමෙරිකාවෙන් පසුව ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය. එරට මේ වන විට කොරෝනා ආසාදිතයින් 376,669ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 23,522ක්.

ලොව තෙවැනියට වැඩියෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන්නේ රුසියාවෙන්ය. එරටින් මේ වන විට ආසාදිතයින් 353,427ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3,633ක් වෙයි.

අසල්වැසි ඉන්දියාව මේ වන විට එම ලැයිස්තුව අනුව පසුවෙන්නේ 10 වන ස්ථානයෙයි.

එරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 145,456ක් වන අතර මරණ සංඛ්‍යාව 4,172ක්.

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනය පසුවන්නේ 12 වන ස්ථානයේය.

එරටින් මේ දක්වා අසාදීතයින් 82,992ක් වාර්තා වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 4,634ක් බවයි worldometers වෙබ් අඩවියේ දත්ත පෙන්නුම් කර සිටින්නේ.

Comments