
හෙට සිට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයිනේ සියලූ දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිනපතා රාතී‍්‍ර 10.00 සිට අළුයම 4.00 දක්වා කි‍්‍රයාත්මක වනු ඇති.
ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යයාල සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්රවාහනයේදීත් සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලිමනින්ම අනුගමනය කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන්.
රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන් ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරෙයි.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.