
කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා "කංසා" යොදා ගත හැකි බවද යන්න සම්බන්ධයෙන් කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පර්යේෂණයක් ආරම්භ කර ඇත.
මිනිස් සිරුරේ සෛල තුලට කොරෝනා ආසාදනය වීම වැළැක්වීම සම්බන්ධයෙන් කංසා වර්ග විශේෂ 400ක් යොදා ගනිමින් ලේත්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයින් කටයුතු සිදුකරමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
"කැනබිඩියෝල්" යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයේදී කොරෝනා වෛරසය මිනිස් සිරුරේ සෛල තුලට ඇතුල් වීමේ අවධානම සීයයට 70 කින් පමණ අඩු කිරිමට හැකියාවක් ඇති බවයි ඔවුන් සඳහන් කලේ.
පර්යේෂකයින් මේ සඳහා 3D තාක්ෂණය ඔස්සේ නිපදවූ මිනිස් ඉන්ද්‍රියන් සහිත මොඩලයක් භාවිතා කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුකරමින් පවතින බැවින් කොරෝනා වෛරසයට එරෙහිව ජනතාව කංසා භාවිතා කිරිමට ඉක්මන් නොවිය යුතු බවයි එම පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ .
කොරෝනා වෛරසය ශ්වසන ඉන්ද්‍රියන් ආශ්‍රිත ව්‍යාප්ත වන වෛරසයක් බැවින් වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ දුම්පානය සහ මත්පැන් භාවිතය හැකිතාක් අවම කිරිම යහපත් බවයි.
https://www.preprints.org/manuscript/202004.0315/v1?fbclid=IwAR1sB8aa2MV...