මස්කෙලිය ප්‍රධාන මාර්ගයක කොටසක් නායයයි | සිළුමිණ

මස්කෙලිය ප්‍රධාන මාර්ගයක කොටසක් නායයයි

මස්කෙලිය, මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මස්කෙලිය නගරයෙන් වාහන පිටවීමට වෙන් කර ඇති මාර්ගයේ කොටසක් නාය ගොස් තිබේ.

ඊයේ(19) දින පස්වරු 3.00ට පමණ එම මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව වාර්තා වෙයි.

මස්කෙලිය නගරයේ රථ වාහන තද බදය අවම කිරීම සඳහා නගරයට පිවිසිමට එක් මාර්ගයක්ද, නගරයෙන් පිටවීමට අතුරුමාර්ගයක්ද ඇත.

එම අතුරු මාර්ගයේ විශාල වපසරියකින් යුත් කොටසක් නාය ගොස් ඇති බව වාර්තා වෙයි

නාය ගිය ස්ථානයට පහලින් නිවාස රැසක් පිහිටියද එම නිවාසවල නායයාමෙන් කිසිඳු හානියක් සිදු වි නොමැත.

Comments