ප්‍රදේශ රැසක පොහොර හිඟයක් | Page 10 | සිළුමිණ

ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ, වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු වගාවල නිරත පුද්ගලයින් ඒ හේතුවෙන් දැඩි පීඩාවට පත් ව ඇති බවයි.

ඒ පිළිබඳව අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න -

තොග පැටවීම ඇතුළු එම කර්මාන්ත ශාලාවල නිරත වතු ආශ්‍රිත සේවකයින් මේ දිනවල සේවයට නොපැමිණීම හේතුවෙන් පොහොර හිඟයක් හටගෙන තිබෙනවා.

එම නිසා දේශීය පොහොර යොදා ගනිමින් හැකි පරිදි වගාවල නිරත වන්න.

Comments