නීතිය අභියෝගයට ලක් කරමින් සටන් වැදුණු ශ්‍රී ලාංකීය පවුලට ඕස්ට්‍රේලියාවෙන් වන්දි | Page 2 | සිළුමිණ

නීතිය අභියෝගයට ලක් කරමින් සටන් වැදුණු ශ්‍රී ලාංකීය පවුලට ඕස්ට්‍රේලියාවෙන් වන්දි

ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ වසර දෙකකට අධික කාලයක් හුදකලාව වෙසෙමින් එරට නීතියට අභියෝග කළ ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික මව, පියා සහ දූවරු දෙදෙනාට නඩු ගාස්තු ලෙස ඩොලර් ලක්ෂ දෙකකට අධික මුදලක් ලබා දෙන ලෙස එරට අධිකරණය පසුගියදා නියෝග කොට තිබේ. මෙලෙස ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවේ දිගින් දිගටම තම අයිතීන් වෙනුවෙන් සටන් වැද තිබුණේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ නඩේසලිංගම් මුරුගප්පන් සහ කෝකිලපත්මප්‍රියා නඩේසලිංගම් යන දෙදෙනාය.

උපතින් ශ්‍රී ලාංකිකයන් වූ ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ එවකට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් බව ඔවුන් පැවසුවද නඩේසලිංගම් හෙවත් නඩාස් ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවකින් ක්‍රිස්මස් දූපතට ලඟා වී ඇත්තේ 2012 වසරේදීය. ඊට පසු ව‍සරේදී එනම් 2013දී කෝකිලපත්මප්‍රියා හෙවත් ප්‍රියා තවත් බෝට්ටුවකින් කොකොස් දූපත් වෙත පැමිණ තිබේ. පසුව ඔවුන්ට ලැබුණු වසරයක් මත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබී ඇති බැවින් ඔවුන් මෙල්බර්න් නගරයට පැමිණ තිබේ. එහිදී ඔවුන් දෙදෙනා මුණ ගැසී පසුව විවාහ වී තිබේ. ඒ 2014 වසරේදීය. පසුව ඔවුන් ‍දියණියන් දෙදෙනෙකු ලැබී තිබේ.

ඔවුන් වසර කිහිපයක් ඕස්ට්‍රේලියාවේ සතුටින් ජ/ිවත් වුවද 2018 වසරේදී දිනක් ඔවුන් වෙත පැමිණි එරට වෙරළාරක්ෂක ඒකකය දැනුම් දුන්නේ ෆෙඩරල් උසාවියේ තීන්දුවකට අනුව ඔවුන්ට එරට තවදුරටත් රැඳී සිටිය නොහැකි බවයි. නඩාස් වහාම තම හිතමිතුරන් මාර්ගයෙන් නීති ආධාර සෙවූ අතර ඉන්පසු ඔවුන්ට දැනුම් දුන්නේ වීසා සදහා ඉල්ලුම් කිරීමට නඩාස්ට අවසර තිබුණද ප්‍රියාට එසේ නොවන බවයි.

ඒ අනුව ප්‍රියා සහ දරුවන් පෙරළා ශ්‍රී ලංකාව බලා යා යුතු විය. එහෙත් මේ නීතියටද අභියෝග කළ නඩාස් සහ ඔහුගේ පවුල ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට නොහැකි බැවින් ක්‍රිස්මස් දූපතේ රැදී සිටිමින් යළිත් එරට නීතියට අභියෝග කළහ.

වසර දෙකක් පුරා ඇදී ගිය මේ නඩුවේ තීන්දුව පසුගියදා එරට අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරණු ලැබුවේ ඔවුන්ගේ කුඩා දියණියටද වීසා සඳහා ඉල්ලුම් කිරීමේ අවසරය ලබා දෙමිනි. ඒ අනුව ඔවුන්ට ඕස්ට්‍රේලියාවට පිවසීමට අවසර ලැබුණු අතර ඉදිරියේදී ඔවුන්ට වීසා සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම ඔවුන්ට අමතරව නඩු ගාස්තු වශයෙන් ඩොලර් ලක්ෂ දෙකකට අධික මුදලක් යළි ලබා දෙන ලෙසද එරට රජය‍ට නියම කර තිබේ.

මේ නඩු තීන්දුව සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුම අදහස් දක්වා තිබූ අතර එරට ලේබර් පක්ෂයද ඒ අතර විය. එම පක්ෂය නිවේදනයක් මගින් පවසා ඇත්තේ ‘මේ පුද්ගලයන්ට‍ ඕස්ට්‍රේලියාවේම ජීවත් වීමට අවසර ලැබිය යුතුම’ බවයි. එරට නිවාස ඇමති පීටර් ඩට්න්ද නඩාස් සහ පවුල ඕස්ට්‍රේලියාවේම රඳවා ගැනීමට පක්ෂව අදහස් දක්වා තිබේ. එහෙත් අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ “ අවිධිමත් ක්‍රම මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන් විධිමත් ක්‍රම වෙත යොමු කිරීමෙන් තවතවත් එවැනි පුද්ගලයන් දිරිමත් කිරීමක් වන බවයි.

Comments