
කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිය දහස් ගණනින් මිනිසුන් මියයෑමත් සමග එම සිරුරු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවද පිළිගත් නීති රීති ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවිය. බොහෝ රටවල් මේ නීති රීති අනුව කටයුතු කරමින් කොවිඩ් ආසාදිතයන්ගේ මළසිරුරු සම්බන්ධව අවසන් කටයුතු සිදු කළේ මළ සිරුරු මගින්ද වයිරසය පැතීරීමට පවතින ඉඩකඩ වළකා දමමිනි.
එහෙත් ලතින් ඇමරිකාවේ කඩා එමෙන්ම දුගී රටක් වන ඉක්වදෝරයෙන් මේ කොවිඩ් මළ සිරුරු සම්බන්ධව හද දවන පුවතක් වාර්තා වේ. එනම් මේ වන විට එරට වාණිජ අගනුවර වන ග්වායාකිල් නගරයේ ඉවත් කර ගැනීමට නොහැකිව මළ සිරුරු රාශියක් පවතින බවයි.
මේ මළ සිරුරු කොවිඩ් ආසාදිතන්ගේ ද නොමැතිද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීමට එරට රජය අපොහොසත් වී තිබේ. මේ වන විට ඉක්වදෝර රජයට අනුව එරට වාර්තා වී ඇති කොවිඩි ආසාදිතයන් 8,255 සහ මරණ 403කි. එහෙත් ග්වායාකිල් නගරයේ පමණක් මේ වන විට මළසිරුරු 1,900ක් පමණ භූමදානය කිරීමට නොහැකිව නිවෙස්වල සහ මහාමාර්ග අයිනේ ගොඩගසා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. දින ගණන් පැරණි මේ මළ සිරුරුවලින් නික්මෙන දුර්ගන්ධය වැළැක්වීමට ඒවා පොලිතීන්වලින් ආවරණය කර ඇති බවද, එසේ වුවද පැතිර යන දුර්ගන්ධයෙන් නගරයම වැසී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙය ඇඟ කිළිපොලා යන අන්දමේ ප්‍රවෘත්තියක් වන්නේ කොවිඩ් වයිරසයේ භයානක කම සහ එය මළසිරුරුවලින්ද පැතිරෙන බව නිශ්චිතව තහවුරු කර ඇති බැවිනි. එහෙත් මේ සම්බන්ධව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලෙස ඉක්වදෝර ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙලෙස නිවෙස් තුළ සහ මාර්ග අයිනේ තබා ඇති සිරුරු කොවිඩ් ආසාදිතයන්ගේ සිරුරු බව නිශ්චිතව පැවසිය නොහැකි බවයි.
මේ දක්වා ඉක්වදෝර රජය සංඛ්‍යා ලේඛන දක්වා ඇත්තේ තහවුරු කිරීමේ පරීක්ෂණ මගින් තහවුරු වූ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සහ මියගිය පුද්ගල සංඛ්‍යාවන් පමණි. එහෙත් මියගිය සියලු දෙනාම කොවිඩ් ආසාදනය වී ඇත්දැයි තහවුරු කිරීමේ පරීක්ෂණයන්ට ලක් කර නොමැති බැවින් ඔවුන් කොවිඩ් හේතුවෙන් මියගිය බව ඉක්වදෝර රජය පිළිගන්නේ නැත. මේ මළ සිරුරු මෙලෙස ඒකාරාශී වී ඇත්තේ ග්වායාකිල් නගරය වසා දැමීම හේතුවෙන් භූමදාන කටයුතු කරන ආයතනවලට කළට වේලාවට ඒ කටයුතු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවට ඉක්වදෝර පාර්ශ්වයෙන් පවසා තිබේ.
එහෙත් ඉක්වදෝරය පමණක් නොව බ්‍රසීලයද කොවිඩ් ආසාදිතයන් සම්බන්ධව නිශ්චිත තොරතුරු ලබා නොදෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා එල්ල කර තිබේ. විශේෂයෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක් මේ සම්බන්ධව පුවත් වාර්තා කරමින් පවසා ඇත්තේ ඉක්වදෝරයේ පිරී ඉතිරී යන මළ සිරුරු දැවැන්ත ඛේදවාචකයට මාර්ගය සකස් කරමින් සිටින බවයි.