ඇඳිරිය කඩ කළ 20000ක් දැලේ | සිළුමිණ

ඇඳිරිය කඩ කළ 20000ක් දැලේ

මේ වන විට දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක දෙකේ පුද්ගලයින් අවසරයකින් තොරව දිස්ත්‍රික් අතර ගමනා ගමන කටයුතු කිරීමට කටයුතු කළහොත් අනිවාර්යෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයක දින 14කට යොමු කරනු ලබන බවත් රෝග නිරෝධායන පනත යටතේ අධිකරණයේ නඩු පවරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අලුත් අවුරුද් සමයේ විවිධාකාර හේතූ සකසා ලෙන දිස්ත්‍රික්ක අතර ගමනා ගමන කටයුතු සලසා ගැන්මට මේ වන විටත් ඇතැම් පිරිස් කයුතු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඒ මහතා ඇඳිරිි නීති අවසර පත් මෙන්ම අත්‍යවශ්‍ය රාජකාරි සේවා අවසර ලත් අවභාවිතයට පත් කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යෙන්ම නීති මඟින් කටයුතු කරනු ලබන බවද කීය.පසුගිය සිකුරාදා වන විට ඇඳිරි නීති කඩ කළ 20,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර රථ වාහන 6022ක් අත්අඩංගුවට ගෙන තිබුණි. එම රථ වාහන සියල්ලම නිරෝධායන පනත යටතේ එම කාර්යයන් යොදා ගන්නා බවත් හිමිකරුවන්ට ලබා දෙන්නේ රෝගී තත්ත්වය පහව ගිය පසු පමණක් බවද ඒ මහතා කීය.

Comments