
මේ වන විට අමෙරිකාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙමින් පවතී. එමෙන්ම එයට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද වර්ධනය වේ. වයිසරය පිළිබඳවිශේෂඥයන් පවසන්නේ අමෙරිකාවේ වර්ධනය වන මේ තත්ත්වය සැබැවින්මඅනතුරුදායක බවයි. අනික් අතට ඔවුන් පවසන්නේ වයිරසයේ ව්‍යාප්තිය මේ දක්වා වර්ධනය කර නොගැනීමට අමෙරිකාවට ඕනෑතරම් කාලය සහ අවස්ථාව තිබූ බවයි.
සැබවින්ම අමෙරිකාව ප්‍රමාද වැඩිද? නැතහොත් මීළඟ ඉතාලිය අමෙරිකාවද? මේසම්බන්ධව අවධානය යොමු කරන විට පෙනී යන්නේ එසේ පැවසීමේ වරදක් ද නැති බවයි. මන්ද යත් අමෙරිකාව ස්වකීය පළමු කෝවිඩ් රෝගියා වාර්තා කර සිටින්නේජනවාරි 21වැනිදාය.
ඒ ඇට්ලන්ටා ප්‍රාන්තයෙනි. මේ පුද්ගලයා 2019 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල චීනයේ වූහාන් ප්‍රාන්තයේ සංචාරය කර ජනවාරි 15වැනිදාඅමෙරිකාව බලා පැමිණි පුද්ගලයෙකි. එතැන් සිට බලන විට පෙබරවාරි මස මැද භාගයවන තුරුම අමෙරිකාවෙන් රෝගීන් වාර්තා වූයේ ඉතා ස්වල්ප වශයෙනි. එහෙත් ඒ වනවිට යුරෝපය අර්බූදය මුල පුරා අවසන් විය. මේ වන තුරුද අමෙරිකාවට රෝගයවෙනුවෙන් ආරක්ෂක පියවර ගැනීමට ඕනෑ තරම් ඉඩ ප්රස්ථා විය.
එහෙත් ට්‍රම්ප් පාලනය කළේ මහා බ්‍රිතාන්‍ය හැර සෙසු යුරෝපා රටවල ජනතාවට අමෙරිකාවට වීසා නිකුත්කිරීම තහනම් කිරීම පමණි. පසුව මහා බ්‍රිතාන්‍ය සඳහාද මේ තහනම ක්රියාත්මකකළේ මිතුදමට වඩා රටවැසියාගේ ආරක්ෂාව ගැන සිතා වන්නට පුළුවන. එහෙත් ඒ වන විට අශ්වයා පැන ගොස් අවසන්ය.
මේ වන විට අමෙරිකාවේ කොවිඩ් පැතිර යන්නේ ඉතාලියටත් වඩා වේගයෙනි. ප්‍රස්ථාරවල මෙය සඳහන් වන්නේ අන් කිසිඳු රටක නොපැවති ශීඝ්‍ර වර්ධනයක් වශයෙනි.
මේ වන විට අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකින්ම කොවිඩ් රෝගීන් වාර්තා වන අතර තවමත් ක්‍රියාත්මක වන්නේ මිනිසුන් ගැවසීම තහනම් කිරීම වැනි ආරක්ෂක උපාය මාර්ග කිහිපයක් පමණි. මුළු රටම පාදක කර ගනිමින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රහස්පතින්දා දහවල වන විට අමෙරිකාවෙන් හඳුනා ගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 64180ක් විමය. මියගොස් සිටි රෝගීන් සංඛ්‍යාව 899ක් විය.
මේ සංඛ්‍යා දෙවැනි වන්නේ ඉතාලියට සහ චීනයට පමණි. එය සැබවින්ම කණාගටුවට කරුණක් වන්නේ තත්ත්වය මේ තරම් බැරූරුම් වීමට පෙර අරාක්ෂා වීමට ඕනෑ තරම් කාලය අමෙරිකාවට තබූ බැවිනි. එක් වෙබ් අඩවියක අමෙරිකාව මුහුණ දෙමින් සිටින මේ තත්ත්වය සමාන කර තිබුණේ ඔලිම්පික් උළෙලක පදක්කම් ලබා ගැනීමයට. බොහෝ ඔලිම්පික් උළෙලවල ආරම්භයේදී වෙනත් රටවල් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තද උළෙල අවසාන වන විට වැඩිම පදක්කම් දිනා ගනිමින් සටහනේ පෙරමුණ ගන්නේ අමෙරිකාවය. සැබවින්ම කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින්නේද එයයි.
ආරම්භයේදී නොයෙක් ප්‍රාන්තවල රෝගීන් කිහිපදෙනා බැගින් වාර්තා වුවද මේ වන විට වඩාත්ම භයානක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයයි. බ්‍රහස්පතින්දා දහවල් වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් රෝගීන් 27000කට වඩා වාර්තා වී සිටි අතර වැඩිම මරණ සංඛ්‍යාව හෙවත් මරණ 231ක් එම ප්‍රාන්තයෙන් වාර්තා වී තිබිණි. නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුස්මෝ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් තමන් සතුව නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
නිව්යෝර්ක් නගරාධිපති බිල් ඩෙබ්ලාසියෝ පවසා ඇත්තේ තමන් ජීව ආධාරක පද්ධති 30000ක් අමතරව ඉල්ලා සිටියද තමන්ට ලැබුණේ 400ක් පමණක් බවයි. මේ තත්ත්වය යටතේ වර්ධනය වෙමින් යන මෙවන් ව්‍යසනයකට තමා කෙසේ මුහුණ දිය යුතු දැයි නොදන්නා බවද ඔහු පවසා තිබේ.
ප්‍රාන්තයේ සෑම වැසියකුටම දින 14ක් ස්වයං නිරෝධායනය වන ලෙස පවසා තිබේ.
කෙසේ වුවද ට්‍රම්ප රජයට මේ වන විට වැළැක්විය නොහැකි චෝදනාවලට මුහුණ දීමට සිදුවෙමින් තිබෙන අතර ජනතා ආරක්ෂාවට වඩා ආර්ථිකය සම්බන්ධව සැලකිල්ල
දැක්වීම එම චෝදනා අතර මුලින්ම වේ. කෙසේ වුවද අමෙරිකාවේ සෞඛ්‍ය පහසුකම් නොමිලේ නොලැබීමද මරණ තවත් වැඩි වීමට හේතු වන නොඅනුමානය. රෝග ලක්ෂණ සහිත එහෙත් රක්ෂණාවරණ නොමැති රෝගීන් රෝහල් ගතවීම වෙනුවට තමන්ම රෝගය පාලනය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් වයිරසය වඩාත් වැඩි පිරිසකට පැතිරීම සිදුවන්නට ඇතැයි සැක පළ කෙරේ.
ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් රෝගී වූ අවස්ථාවක ආර්ථිකයට ඍජු තර්ජන නිරාසායයෙන්ම එල්ල වන බැවින් ජනතා ආරක්ෂාවට පළමු තැන ලබාදීම වඩාත් නුවණක්කාර කටයුත්ත බව අනුමාන කළ හැකිය. එහෙත් ට්‍රම්ප් පාලනය මේ වන විට පොට වරද්දාගෙන අවසන්. නිව්යෝර්ක් පමණක් නොව නිව් ජර්සි, ෆ්ලොරිඩා,මැසචූසෙට්ස්, මිචිගන්, කැලිෆෝර්නියා සහ විශේෂයෙන්ම ඇලස්කා වැනි ප්‍රාන්තවලද රෝගය වේගයෙන් පැතිර යමින් තිබෙන බව හඳුනාගෙන තිබේ.
මේ තත්ත්වය පාලනය කර ගැනීම සහ මීළඟ ඉතාලිය බවට පත් නොවීමට කටයුතු කිරීම ලෝක බලවතා ලෙස අමෙරිකාව දැන් මුහුණ දෙමින් සිටින අසීරුම අභියෝගය වී තිබේ.
එමෙන්ම ලෝක බලවතා ලෙස අමෙරිකාව මුහුණ දෙන අවසන් අභියෝගයද මෙය වන්නට පුළුවන.