
අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට උසස් ඉගෙනීම්වලට බැඳීමට සිදු වේ. විභාගවලින් දක්ෂතා දක්වයි. එසේම ගෙදරදී හෝ පිටතදී ආගමික කටයතු කෙරෙහි බැඳී කටයුතු කරයි. වෘත්තීය කටයුතු උදෙසා යම් යම් කෙටි ගමන්වලට යොමු වේ. පිට පළාත්වල අය හා සම්බන්ධ කරන ගනුදෙනුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. උසස් ධර්ම ශාස්ත්රවලට යොමු වේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ස්ථානගත වෙනස්කම් බලපායි. ත්යාගශීලීය. මෙතෙක් කරගෙන ආ කටයුතුවලින් ඈත් වී ක්‍රියා කරයි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. විටෙක තමා බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. දේව භක්තිය වැඩි වේ. දෙවියන් කෙරෙහි භක්තිය වැඩි වනු ඇත. තමාගේ සමීපතමයන්ට අපල පීඩා උවදුරු මතු කළ හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
බාධා අවහිරතා ඇතත් සිතට කයට සැප පහසුව උදා වේ. දේශපාලන වැඩවලට සමාජීය වැඩවලට ඉඩ සලසාගනී. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී බාධා ප්‍රමාදතා ඇතත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. කලක සිට බලාපොරොත්තුවෙන් සිටි කරුණු කීපයක් ඉෂ්ට සිද්ධ කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. මූත්‍රා දෝෂ, ලේ දූශ්යාබාධ, උෂ්ණාධික රෝගාදියට ඉඩ පවතී.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

නැවතී තිබූ වැඩකටයුතු කිහිපයක් ආරම්භ කරයි. නොයෙකුත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. එසේම ඇඳුම් පැලඳුම් අලංකාර වස්තු ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. කරගෙන යන කටයුතු යහපත් වේ. සමාජීය දියුණුවක් ලැබිය හැකිය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. තනතුරුවලින් උසස් වේ.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
අන්‍යයන් සමඟ කටයුතු කිරීමෙන් සැලකිලිමත් විය යුතුයි. තමාට නොගැළපෙන අය සමඟ ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. ලද පමණින් සතුටු විය හැකි කාලයකි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමාජීය සහ දේශපාලන වශයෙන් ශුභදායකයි. උදරගත පීඩා, හෘදයගත පීඩාදිය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කරන කියන කටයුතුවලින් ලභ ප්‍රයෝජන ලැබුව ද අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. වචන පාවිච්චියේ දී ප්‍රවේසම් වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඥාතීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. සමාජීය සහ දේශපාලන කටයතුවල දී සැලකිලිමත් වන්න. ආගමික අංශයට නැඹුරු වුවත් තදබල ලෙස නොවේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තරමක් බුද්ධිමත්ව සහ කල්පනාකාරීව වැඩ කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා. ව්‍යාකූලතා මතු කළ හැකිය. ආර්ථික වශයෙන් යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට අලුත් විෂය කෙරෙහි අවධානය යොමු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමත් වැය වේ. වැටීම්, තැළීම්, තුවාල, අත්, උරහිස පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය බ්‍රහස්පතින්දා
වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී තරමක් කල්පනාකාරී වන්න. විටෙක ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කිරීම තරමක් අසීරු වේ. අනපේක්ෂිත අනතුරු පීඩා, තුවාල විපත් ආදියට ඉඩ පවතී. සැප පහසුව තරමක් අඩු වේ. මිල මුදල් සම්බන්ධව ප්‍රවේසම් නොවුවහොත් ණය තුරුස්වීමට ඉඩ පවතී. දන්තාබාධ, ඇස්වල දුර්වලතා ඇති කළ හැක. වැටීම්, තැළීම්, තුවාල යනාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මිල මුදල් ලැබීම අතින් ශුභයි. ආර්ථික වාසි උදා කරගනී. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂ ද ඉහළ යයි. හිතවත් අය සමග කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. සමාජීය සහ දේශපාලන කටයුතුවල දී සැලකිය යුතු දියුණුවක් ලබයි. උදරගත පීඩා, ලේ දූශ්යාබාධයන්ට ඉඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
යම් ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ පවතී. එම නිසා කරන කියන හැම වැඩ කටයුත්තකදීම කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැකිය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී සැලකිලිමත් වන්න. සමඟිය සමාදානයට බාධා ඇත. දරුවන්ගේ කටයුතුවල දී කල්පනාකාරී වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
වෘත්තීය සහ රැකියා කටයුතුවල දී වැඩකටයුතු අධික වීමෙන් තරමක් අහිතකර තත්ත්වයක් උදා කළ හැකිය. මිල මුදල් කටයුතු යහපත වුවත් හදිසියේ පැන නඟින සිද්ධීන් තුළ වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී සාමය සතුටට විටින් විට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා