
ගූගල් සමාගම කියන්නේ තොරතුරු සම්පාදන ව්‍යාපාරයේ වඩාත් හොඳම සේවාවක් සපයන, ඒ නිසාම විශාල ලාභයක්ද උපයන සමාගමක්. තොරුතුරු සම්පාදනය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔවුන්ට තරගයක් දිය හැකි තවත් ආයතනයක් නැති තරම්.
මේ සාර්ථකත්වය ඔවුන් අත්පත් කර ගත්තේ නිකම්ම නෙමෙයි. ඔවුන් සෑම අවස්ථාවකදීම තම ව්‍යපාරයේ සාර්ථකත්වය ළඟා කර ගත හැකි සෑම ඉඩකඩක්ම භාවිත කිරීමට කටයුතු කළා. ඔවුන්ගේ සාර්ථකත්වයට එයත් විශාල පිටුබලයක් වූවා. දැන් ඔවුන් එක් එක් වෘත්තිකයන් වෙනුවෙන් වෙනම තොරතුරු ගොණු සම්පාදනය කිරීම ආරම්භ කරලා. එහි ප්‍රථම පියවර ඔවුන් තැබුවේ 2018 වසරේදී ඒ විද්‍යාඥයන් වෙනුවෙන් වෙනම තොරතුරු සෙවීමේ පද්ධතියක් (search engine) සකස් කිරීමෙන්. එක් එක් වෘත්තිකයන් හෝ ඒ හා සමාන අවශ්‍යතා ඇති පිරිස් වෙනුවෙන් සෙවීම් පද්ධති හැඳින්වීමට ඩේටාසෙට් සර්ච් (Dataset search) යන නම ගූගල් සමාගම මගින් භාවිත කරනු ලබනවා. එමෙන්ම මේ පද්ධති මගින් තොරතුරු සෙවීමට මෙන්ම තමන්ගේ තොරතුරු අන්තර්ජාලයට ඇතුළත් කිරීමටද හැකියාව ලැබෙනවා. ලොව පුරා සියලු විද්‍යාඥයන්ගේ තොරතුරු ආකරාදී පිළිවෙලට සොයා ගැනීමටද මේ පද්ධතිය මගින් හැකියාව ලැබෙනු ඇති. එපමණක්ද නොව විද්‍යාඥයන්ගේ පර්යේෂණ පත්‍රිකා, සොයා ගැනීම් සහ නව නිපැයුම් යනාදී සියල්ල මේ සෙවුම් පද්ධතිය මගින් පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සමාගම ලොව පුරා ජනතාවට පහසුකම් සපයා තිබෙනවා. ඉදිරියේදී තවත් මෙවැනි සෙවුම් පද්ධති ඇති කිරීමට ගූගල් සමාගම කටයුතු කරණු ඇති බවද වාර්තා වනවා.