
ගුවන් මගින් අද දිවයිනට පැමිණි පුද්ගලයින් 600 කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
අද පැමිණි පිරිසගෙන් 450 දෙනෙකු බස් රථ 17 කින් බැටික්ලෝ කැම්පස් හා කන්දකාඩු මධ්‍යස්ථාන වෙත යවා ඇත.
තවත් 150 දෙනෙකු පිටත් කර යැවීමට පියවර ගෙන ඇතැයි ද සදහන්.
අද දවසේ පැමිණි පිරිස ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව, ඩුබායි, කටාර්, මලයාසියාව, තායිලන්තය සහ සිංගප්පුරු යන රටවල් හරහා මෙරටට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනට ආරම්භ කළ වැඩපිළිවෙළට සහය දෙන ලෙසයි.
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පවසන්නේ, මෙම වැඩපිළිවෙළට ඇතැමුන්ගේ විරෝධතා හා අනියත බිය හේතුවෙන් බාධා මතුව ඇති බවයි.
නිරෝධායන වැඩසටහන සඳහා බැටික්ලෝ කැම්පස් හා කන්දකාඩුහි ඉදිකළ මධ්‍යස්ථාවලට පුද්ගලයින් රැගෙන යන බස් රථ අතරමග නතර කීරිමට පවා ඇතැමුන් බාධා මතු කරන බව යුද හමුදාව පැවසුවේ ය.