
ලෝකය පුදුමාකාරය. සොබාදහමේ නිර්මාණ අපූරුය. එමෙන්ම සොබාදහමේ වැරදීම්ද අපූරුය. මේ වැරදීම් වෛද්‍ය විද්‍යාවට අනුව ජාන විකෘති වීම් ලෙස විග්‍රහ කළ හැකිය. මේ ජාන විකෘති වීම් නැතහොත් සොබාදහමේ වැරදීම් සොබාදහමට අමතර අගයක් එක් කරන්නේය. එපමණක්ද නොව මිනිසාගෙන් ද අමතර අවධානයක් මේ සතුන්ට ලැබෙන්නේය. මේ එවන්වූ සුලබයන් අතර දුර්ලභයන්ගේ දුර්ලභ කතා කිහිපයිකි.
ඩොල්ෆින් මසුන් සාමාන්‍යයෙන් සුදු සහ අළු පැහැති ය. එහෙත් රෝස පැහැති ඩොල්ෆින් මාළුවකු ගැන ඔබ අසා තිබෙනවාද? පිළිතුර නැත විය හැකිය. එයට හේතුව රෝස පැහැති ඩොල්ෆින් මසකු ඉතා දුර්ලභ වන බැවිනි. එහෙත් මීට වසර දොළහකට පමණ ඉහතදී අමෙරිකාවේ ලුසියානා ජනපදය පහළ කැල්කැසියු පාස් මුහුදු මාර්ගය ආසන්නයේ ඩොල්ෆින් මසුන් කණ්ඩායමක් සමග රෝස පැහැති ඩොල්ෆින් මසකු දිය කෙලිමින් සිටිනු දුටු ධීවරයන් මේ අදහාගත නොහැකි පුවත ප්‍රාන්ත බලධාරීන්ට දැනුම් දුන්හ. පසුව ප්‍රාන්ත බලධාරීන්ගේ දැනුම්දීම අනුව විද්‍යාඥයන් විසින් සිදුකරන ලද වැඩිදුර සොයා බැලීම්වලින් තහවුරු වූයේ මේ රෝස පැහැති මාළුවා ඩොල්ෆින් ගැහැනු සතකු බවයි. ඇය ජාන විකෘතියක් හේතුවෙන් බිහිවූ සතකු බව විද්‍යාඥයන්ගේ මතය විය. පුදුමයට කාරණය එය නොවීය. මේ වන විට විට පින්කී නම් ලද මේ ඩොල්ෆින් මවට ඇයගේ සිරුරේම පැහැයෙන් එනම් රෝස පැහැයෙන් යුත් පැටවකු සිටින බව විද්‍යාඥයන් විසින් සොයා ගැනීමය. මව් සත්ත්වයා රෝස පැහැයෙන් බිහිවීම ජාන විකෘතියක් වුවද ඇයගේ පැටවාටද එම පැහැය ලැබීම දුර්ලභ ජාන මිශ්රවීමක් ලෙස හඳුනාගන්නා විද්‍යාඥයන් මෙය ඉතා සුභ සිදුවීමක් ලෙස හඳුනාගෙන තිබේ.
මේ දුර්ලභ ජාන මිශ්රවීම ඉදිරියට පැවතීමේ සුභ ලකුණු මෙමගින් විද්‍යමාන වන බව විද්‍යාඥයන් පවසා තිබේ.
සාමාන්‍ය පැන්ඩාවන් කළු සහ සුදු පැහැතිය. එහෙත් මීට් ක්වීසයි දුඹුරු පැහැතිය. ඇයට මැවුම්කරු වෙනස් ලෙස සලකා ඇති අතර ඒ හේතුවෙන්ම ඇය සුවිශේෂව සිටින්නීය. ක්වීසයිගේ නිවහන පිහිටා ඇත්තේ චීනයේ ෂාන්ක්සි පළාතේය. දැනට මිහිමත වෙසෙන එකම දුඹුරු සහ සුදු පැහැති මවිල්වලින් යුත් පැන්ඩාව ක්වීසයි බව තහවුරු කර තිබේ. එහෙත් සත්වෝද්‍යාන සේවකයන් පවසා ඇත්තේ ක්වීසයි උණ බට සොරකම් කිරීම සම්බන්ධව අනෙක් පැන්ඩාවන්ගෙන් චෝදනා ලැබ පීඩාවට පත්ව සිටි බවයි. එහෙත් මේ වන විට හුදකලාව සිටියද ක්වීසයි දිනකට රාත්තල් 44ක ඇති වෙන්නට උණ බට ලබමින් තෘප්තිමත්ව ජීවත්වන බව සත්වොද්‍යාන බලධාරීන්ගේ අදහසයි.
දුර්ලභයන් අතර දුර්ලභයකු වීම සැබෑ වාසනාවකි. වියට්නාමයේ වනාන්තරයකදී අහඹු ලෙස ඡායාරූප ගත කර ගැනීමට ලැබුණු මේ පිඹුරාද එවැනි වාසනාවන්තයෙකි. මේ පිඹුරා අර්ධ ඇළි සතෙකි. සිරුරේ ඇතැම් තැන් සාමාන්‍ය වර්ණවලින් යුක්ත වන අතර ඇතැම් තැන් සුදු හෙවත් ඇළි පැහැයෙන් යුක්තය. විද්‍යාඥයන් මේ තත්ත්වය හඳුන්වන්නේ පීබ්ලැඩ් වශයෙනි. එහෙත් ශරීරයේ හරි අඩක් වර්ණවත් වීම සහ හරි අඩක් ඇළිවීම හඳුනාගන්නේ ලියූසිසම් වශයෙනි. මෙවැනි සතුන් ඇල්බිනෝ හෙවත් ඇළි සතුන් වර්ගයට අයත් වන්නේ නැත. මේ වර්ණවත් මොනරා සැලකෙන්නේ ඉතා දුර්ලභ සතකු වශයෙනි.
ලෝකයේ වේගවත්ම සත්ත්වයා ලෙස හැඳින්වෙන චීටා කහ පැහැති සිරුරේ කළු පැහැ පුල්ලිවලට උරුමකම් කියන්නේය. එහෙත් ඩිස්කවර් සඟරාවේ ඡායාරූප ශිල්පියකුගේ කැමරා ඇසට හසුවුණු මේ චීටා සම්පූර්ණයෙන්ම වෙනස් පැහැයෙන් යුක්තය. විද්‍යාඥයන් පවසන්නේ මෙසේ වීමට වෙනස් වර්ග දෙකක ජාන මිශ්‍ර වීම හේතු වන්නට ඇති බවයි.
ඇල්බිනෝ සතුන් අතිශය දුර්ලභ ලෙස නොසැලකුනද මේ කුඩා ඇල්බිනෝ හෙඩ්හොග් පැටවා සැබවින්ම සුන්දරය. ඉරක් ගසා වෙන් කර වර්ණ ගැන්වූවා සේ දිස්වන මේ කුඩා පක්ෂියාද සැබවින්ම සොබාදහමේ තිළිණයකි. මේ සියල්ල විකෘති වීම් ලෙසින්ද අර්ථ ගන්වා ගත හැකි වුවද මේ දුර්ලභයන් සැබවින්ම සුන්දර නොවේද?
![]() |
දුඹුරු පැහැ පැන්ඩා |
![]() |
ඇළි හෙඩ්හොග් |
![]() |
අර්ධ ඇළි මොනරා |
![]() |
අර්ධ ඇළි පිඹුරා |
![]() |
රෝස ඩොල්ෆින් |
![]() |
ද්වීවර්ණ ලව්බර්ඩ් |